brand logo

ඇමති ඩලස්, කෙරවලපිටිය විදුලි බලාගාරය නිරීක්ෂණය කරයි

15 September 2020

සංවර්ධනයේ අඳුරු සෙවනැලි මකා ගතානුගතික සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞභාග්‍යයේ නවඑළිය දකින්නට අප සියලුදෙනා ජන හදට ලංවිමට වැඩකළ යුතු යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළේය. කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එල් .ටී .එල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම දශක තුනහමාරකට වැඩි කාලයක් විදුලිය ජනනය, විදුලිබල යටිතල පහසුකම් සංවර්ධනය, විදුලිය බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් හා තාප ගිල්වුම් ගැලවනයිස් කිරීම සිදු කරනු ලබයි. ලංකා විදුලිබල මණ්ඩලයට 63% ක් සේවක හිමිකාරීත්වය සහිත ටෙක්පෝ ආයතනයට 10% ක් සහ පෙරදෙව් ආයතනයට 27% ක් වශයෙන් එල් .ටී .එල් හෝල්ඩිංග්ස් ආයතයේ කොටස් බෙදී ගොස් තිබේ. එල් .ටී. එල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම ලංකාවේ විශාලතම ස්වාධීන විදුලිබල නිෂ්පාදකයා වෙමින් කෙරවලපිටිය යුගදනවි බලාගාරය තුළින් ජාතික විදුලිබල ජාලයට මෙගාවොට් 300 කට අධික විදුලි ධාරිතාවයක් සපයයි. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්තයන් හා තරඟ කරමින් ඉදිරියට පැමිණ තිබෙනවා. එල් ටී එල් හෝල්ඩින්ස් සමාගම ලංකා විදුලිබල මණ්ඩලය සමග සමස්ත දිවයිනටම විදුලි බලය සපයන භාරධූර කර්තව්‍යයට සාර්ථකව උරදෙමින් සිටිනවා. පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ස්ථාපනයට සහ සංවර්ධනයට මෙය මහත් පිටිවහලක්. දෛනික විදුලි ඉල්ලුමට යුගදනවි බලාගාරයෙන් සුවිශාල දායකත්වයක් සපයනවා. යුගදනවි බලාගාරය ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක්. ඉතා හොදින් පුහුණුව ලද විනයගරුක කාර්යශූර පිරිසක් සමාගමේ සේවය කරනවා. මෙම අවස්ථාවට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.
 

More News..