දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන් කර ගැනීමට අද සිට අවශ්‍ය නෑ
20 May 2020
දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන් කර ගැනීමට අද සිට අවශ්‍ය නෑ
20 May 2020
දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමක් අද (20) සිට අවශ්‍ය නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සදහන් කළේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට සිය රාජකාරී හැඳුනුම්පත පෙන්වා දුම්රිය ප්‍රවාහන පහසුකම් සලසාගත හැකි බවයි.
කලින් ආසන වෙන් කරගත් පිරිස් නොපැමිණීම හේතුවෙන් පසුගිය දිනවල ගැටලු ඇතිවූ බවත්, මේ හේතුවෙන් එම නීතිය ඉවත් කළ බවද අමාත්‍යාංශය සඳහන් කරයි.