brand logo
logo

ජනපති සහ මහ බැංකු ප්‍රධානීන් අතර හමුවක්

01 April 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. රට පත්ව ඇති තත්වය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර එහිදී විමර්ශනය කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර වල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසය සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයාබැංකු නිලධාරීනට කියා සිටියේය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති, සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද සාකච්ඡාවට සහභාගී විය.
 

More News..