brand logo

කොරෝනා මැඩපැවැත්වීම සඳහා මිලියන 800ක මූල්‍ය ප්‍රතිපාදන

26 March 2020

දිවයින පුරා රෝහල් 24ට සහ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් බෙදා හැරීමට සියලු කටයුතු යොදා ඇත. මෙම ආරක්ෂිත උපකරණ කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරන රෝහල් වල සේවයේ නියුතු වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව වෛද්‍ය සැපයුම් අංශය අවධාරණය කරයි. රුපියල් මිලියන 800ක් පමණ මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම කටයුතු සඳහා ලබා දී ඇත. මෙම බෙදාහැරීම් සොයා බැලීම සඳහා අද(26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය සැපයීම් අංශය වෙත පැමිණියාය. රත්නපුර ව්‍යාපාරික මහතෙකු වන ඉන්දික රාජපක්ෂ මහතා සහ හේමාස් ආයතනය විසින් පුද්ගල ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.  
 

More News..