brand logo

70 පැනපු අබල දුබල රැදවියන්ට දඬුවම් ලිහිල් කරන්න අවධානය

18 September 2020

  වයස අවුරුදු 70ට වැඩි රැදවියන්ගේ වයස සහ ශාරීරික දුබලතා පිළිබදව සළකා බලා ඔවුන් නැවත අපරාධවලට යොමුවීමේ අවස්ථාවන් නොමැතිබවට හැඟෙන රැදවියන් නිදහස් කිරීම සදහාත් වයස අවුරුදු 5ට අඩු දරුවන් සහිත කාන්තා රැදවියන්ගේ අපරාධවල ස්වභාවයත්, ඇප කොන්දේසි සපුරාගත නොහැකිව සිටින අය පිළිබදවත් සලකා බලා ඔවුන්ට දඞුවම් කාලය අවම කිරීම හෝ නිදහස් කිරීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත. සිරකරු පොදු සමාව සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇති කමිටුවේ කටයුතු පිළිබදව සොයා බැලීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කරන ලද අතර එහිදී මේ සම්බන්ධයෙන් වන යෝජනාව අදාළ කමිටුවට අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරනු ලැබුවාය. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති මෙම හමුව සදහා රාජ්‍ය ලේකම් ගීතාමනී කරුණාරත්න, අතිරේක ලේකම් නිශාන් ධනසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් මෙහෙයුම් ටී.අයි.උඩුවර, අධිකරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් (නීති) චන්දිමා වැළිකල, සහකාර අධ්‍යක්ෂ චන්දික යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ. එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ වසර ගණනාවක් සිරගතව සිට යහපත් කල්ක්‍රියාවෙන් කල්ගෙවූ සිරකරුවන්ට නිදහස්වීමට හෝ දඞුවම අඩුකිරීමට ඇතැම් අවස්ථාවල මගහැරී ඇති බවට සිරකරුවන් තමන් වෙත දන්වා සිටි බවත්, යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාර තුළ සිටින රැදවියන්ට යම්හෙයකින් හැඟීගියහොත් තමන් කොතරම් හොඳට සිටියද කිසිදු සහනයක් නොලැබෙනවා යන්න එය සෘණාත්මක තත්වයක් බන්ධනාගාර තුළ ඇතිවීමට හේතුවක් වනු ඇති බවත්ය.
 

More News..