brand logo

70ක් නිල නිවාස ඉල්ලයි - ඇත්තේ 35යි

26 August 2020

නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 70ක පමණ පිරිසක් නිල නිවාස සදහා ඉල්ලුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. නමුත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සතුව ඇත්තේ නිල නිවාස 35ක් පමණී. ඉල්ලුම්කර ඇති කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අවශ්‍ය දුර ප්‍රමාණය සහ ප්‍රමුඛතාවය අනුව එම නිවාස ලබාදීමට වැඩපිළිවෙළ ‌මේ වන විට සකස් කර ඇතැයි වාර්තා වේ. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ මෙම තත්ත්වය ඉතාමත් බරපතල බවයි.
 

More News..