brand logo

60ට වැඩි අය ගෙදරම තියා ගන්න

31 March 2020

වයස අවුරුදු හැටට වැඩි වයසක අය නිවසේම තබා ගැනීමට මෙන්ම නිවසින් පිටතට එන තරුණ අයට සමීප වීමට ඇති ඉඩකඩ වළකා ගැනීමට සියලු දෙනා වගබලා ගත යුතු බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එන්. ගුණරත්න ‘අරුණ’ට පැවසුවාය. තම නිවෙස්වල වයස අවුරුදු හැටට වැඩි අය සිටී නම් ඔවුන් අසලට යන විට ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීමට සියලු දෙනා වග බලාගත යුතු බවද ඇය සඳහන් කළාය. වැඩිහිටියන් නිවෙස් තුළම රුඳී සිටීම මෙන්ම දරුවන් වගකීමෙන් හැසිරුණුහොත් තවදුරටත් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමනේ රට බේරාගත හැකි බවද ඇය පෙන්වා දෙයි. ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල එළවළු වෙළෙඳාම ඇතුළු ව්‍යාපාරික කටයුතුවල වයස අවුරුදු හැටට වැඩි අය යෙදී සිටිනු දක්නට වූ බවත්, එවුන්ව එවැනි කාර්යයන්වල නොයෙදීම සියලු දෙනා වගබලා ගත යුතු බවද ඇය සඳහන් කළාය.   තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..