Update : රන්ජන් රාමනායක ඇප මත මුදාහැරේ
05 January 2020
Update : රන්ජන් රාමනායක ඇප මත මුදාහැරේ
05 January 2020
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැරුණු රාමනායක මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේය.
Update time 5.36 pm
--------------------------------
කල්ඉකුත් වූ බලපත්‍ර සමග ගිනිඅවියක් ළග තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වන විට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් රන්ජන් රාමනායක මහතාගේ නිවස ඊයේ (04) පස්වරුවේ පරීක්ෂාවකට ලක් කළ අතර, එහිදී ඉකුත් වූ ගිනිඅවි බලපත්‍රයක් සමග ගිනිඅවියක් සහ ඒ සදහා භාවිතා කරන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ හා සැක සහිත ලේඛන කිහිපයක් තිබී සොයාගෙන තිබේ.
ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.