මහින්ද සිය ධූරයෙන් ඉවත්වීමට ඉල්ලයි
29 November 2019
මහින්ද සිය ධූරයෙන් ඉවත්වීමට ඉල්ලයි
29 November 2019
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකවරයාට දන්වා ඇත.
කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කර ඇත්තේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බව වන අතර පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නායකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කරණ බව කථානායකවරයා සඳහන් කර ඇත.