brand logo

මැයි මාසයේ 5000 දීමනාව අද සිට

04 May 2020

කොවිඩ්-19 ව්‍යාප්තිය නිසා පීඩාවට පත්වූ ජනතාව සඳහා රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසයේදීත් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ අනූව මැයි මස දීමනාව ගෙවීම අද(04) සිට ඇරඹෙන අතර එය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පෙර ගෙවා නිම කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට රුපියල් පන්දහසේ දීමනාව ලබාදුන් අතර එම කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයටද මැයි මස දීමනාව හිමිවනු ඇත.
 

More News..