brand logo

500 නෝට්ටු ගන්න කළින් අනුක්‍රමික අංකය බලන්න (වීඩියෝ)

31 August 2021

ප්‍රදේශ කිහිපයකට ව්‍යාජ 500 නෝට්ටු බෙදාහැරී තිදෙනෙකු අත්අඩංගුවට

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ සහ අංගම්පිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (30) පස්වරුවේ මෙම වැටලීම සිදුකළ බවයි. සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ සහ අංගම්පිටිය ප්‍රදේශයේ දී අතුරු මාර්ගයකින් පැමිණි යතුරු පැදියක් පරික්ෂා කිරීමේදී රුපියල් පන්සිය (500 ) වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු හැටක් (60 ) සොයා ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් තාවකාලිකව පදිංචිව සිටි සිදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේදී එහි කාමරයක සඟවා තිබූ අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සීයේ වටිනාකමක් සහිත ව්‍යාජ මුදල් නෝට්ටු පන්සිය හතලිස් දෙකක් (542 ) සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කරගත් කැනොන් වර්ගයේ පොටෝ කොපි යන්ත්‍රයක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු වීරගුල පොලිස් වසමේ රුක්මලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් T/ 17 - 758552 , T/ 17 - 758578 , T/17 - 758779 අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සිය (500 ) වටිනාකමින් යුක්ත ව්‍යාජ මුදල් නෝට්ටු වංචනිකව සහ ඉතා උපක්‍රමශීලීව මුද්‍රණය කොට සීදුව, ගම්පහ, කිරිදිවෙල, වත්තල සහ ජා - ඇල පොලිස් බල ප්‍රදේශවල බෙදාහැරි ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පෙතියාගොඩ, මීතොටමුල්ල සහ වේයන්ගොඩ පදිංචි අවුරුදු 21, 45, 43, වයසෙ පසුවන අයබව සදහන්.   https://youtu.be/eI_C0f8VlCA  
 

More News..