brand logo

50 වසරක විශ්වාසය දිනූ ශ්‍රී ලංකාවේ අපේ අබාන්ස් හදවතේ රැඳුන - පවුලේම කෙනෙක්

10 August 2020

වසර 50 ක දීර්ඝ කාලයක් පුරා ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සඳහා විශ්වාසය හිමිකර ගත් කීර්තිමත් ශ්‍රී ලාංකීය ව්‍යාපාර නාමයක් වශයෙන් අබාන්ස් සමාගම ප්‍රචලිතව සිටියි. මෙම කාලය පුරාවට දිනෙන් දින නැවුම් වන අලුත් තාක්‍ෂණය හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකික ජන ජීවිතය සැපවත් කිරීම උදෙසා අබාන්ස් සමාගම ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර ඇත. ඉතා කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයක් වශයෙන් සමාරම්භක සභාපතිනියගේ නිවසේ ස්ථාපිත කළ අලෙවි සැලකින් ආරම්භ වූ මෙම ව්‍යාපාර ගමන අද වන විට දැවැන්ත වෘක්ෂයක් ලෙස වැඩී ව්‍යාපාර අංශ ගණනාවක ව්‍යාප්ත වෙමින් ක්‍රියාත්මකව පවතියි. ශ්‍රී ලංකාවේ නිවෙස්වල අබාන්ස් වෙතින් ලබා ගන්නා නිෂ්පාදන විවිධ අවස්ථාවන්වල භාවිතයට ගන්නා නිසා ඒවා ජන ජීවිතයට බොහෝ සෙයින් සමීප වේ. වසර 50 ක දීර්ඝ චාරිකාව තුළ ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට සමීපව කටයුතු කිරීම නිසාම “හදවතේ රැඳුන - පවුලේම කෙනෙක්” වශයෙන් ජනතාවට ලෙංගතුව සමීප වීමට අබාන්ස් නාමය සමත්ව සිටියි. මෙතරම් කාලයක් මේ අන්දමේ සාර්ථක ගමන් මගක නිරත වීමේ දී ජනතාවගේ විශ්වාසය ප්‍රබලතම සාධකයක් ලෙසින් ක්‍රියා කර ඇත. ගෙවන මුදලට අගයක් සමග දිවියට වටිනාකමක් එක් කරන අබාන්ස් නිෂ්පාදන දෛනික ජන ජීවිතයට සැපවත් බව සහ සුව පහසුව එක් කරයි. පුළුල් පරාසයක විහිදී ගිය නිෂ්පාදන පෙළක් අබාන්ස් වෙතින් ඔබ වෙත සමීප වන අතර ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී, අවන් සහ කුකර්වල සිට රයිස් කුකර්, අයන්, කේතල්, ටෝස්ටර් සහ බහුකාර්ය බ්ලෙන්ඩර් දක්වා වූ ගෘහ උපකරණ පරාසයක් වෙත එම නිෂ්පාදන පෙළ විහිදී ඇත. මෙම නිෂ්පාදන සඳහා දිවයින පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථාන හරහා සුපිරි අලෙවියෙන් පසු සේවාවක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලාංකික අබාන්ස් නිෂ්පාදන සඳහා වසර 10 දක්වා වූ විශ්වසනීය වගකීමක් හිමි වන අතර පාරිභෝගික ජනතාවට පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි වාරික වශයෙන් පහසු ගෙවීමේ ක්‍රමයටද ලබා ගත හැකියි. වැඩි විස්තර සඳහා 0115 999 000 ක්‍ෂණික ඇමතුම් අංකය අමතන්න.
 

More News..