brand logo

50 වසරක් සපිරෙන මහින්දගේ දේශපාලන දිවියට ඉන්දිය අගමැති මෝදිගෙන් සුභ පැතුම්

27 May 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50 ක් සපිරිම වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ඇතුලු ආසියානු කලාපයේ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් රැසක් සුභ පැතුම් එක් කර තිඛේ. මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක්කර ඇති අතර පැය භාගයක පමණ කාලයක් සුහද පිළිසදරක ද නිරත වී ඇත. මෙහිදී අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිළිබද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිය කණගාටුව ප්‍රකාශ කර තිඛේ. තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි කම්පාවට පත්ව ඇති බව මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇත. ඉදිරියේදී තොණ්ඩමන් පවුලේ සාමාජිකයින් ඉන්දියාවට කැඳවා ඔවුන් සමග කතාබහ කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත. රාජපක්ෂ මහතාගේ එම ඉල්ලීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ඉහළින් පිළිගෙන තිඛේ.
 

More News..