brand logo

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

19 December 2018

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට යොමු කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා පැවසුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් නැවත සමීක්ෂණ ප්‍රතිපල ලබාගත හැකි බවයි. ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ් අඩවියේ පළ කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා. එම ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල්වලට තැපැල් කිරීමට කටයුතු යොදා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා. මෙම වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමික්ෂණය සඳහා ඉදිරිපත් තිබු අභියාචනා සංඛ්‍යාව 21000 කට අධිකයි.
 

More News..