brand logo

5 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොතෙන් දළඳා මාළිගාව ඉවත් කරලා

25 December 2019

ලබන වසරේ පහ ශ්‍රේණියට ලබාදීමට නියමිත ඉංග්‍රීසි පෙළ පොතේ ලංකාවේ පළාත් වෙන් කිරීම දෝස සහගත බව ජාතික උරුමයන් සුරැකීමේ මහ සම්මේලනය ප්‍රකාශ කරයි. එහිදී උතුරු, නැගෙනහිර දෙපළාත් එක පළාතක් සේ සලකුණු කර ඇතැයි, එම සම්මේලනයේ සභාපති ජනක බෝධිනන්ද කියා සිටියේය. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (24 වෙනිදා) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. පහ වසර ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් උගන්වන්න ඉතා පැහැදිලිව වෙනත් පාටවලින් පළාත් පාට ​කොට තිබුණත් උතුරු සහ නැගෙනහිර එකම පාටකින් පාට කරල ළමයින්ට උගන්වන්න හදන්නේ වැරදි දෙයක්. ඊට අමතරව මේ පොතේ 5 වෙනි පිටුවේ රටේ පළාත්වල වැදගත්කම පෙන්වල දීලා තියෙනවා. එහි දළදා මාලිගාව සහ සිංහරාජය ලකුණු කරලා නෑ. ඊට අමතරව මේ පොතේ 45 වැනි පිටුවේ අපේ රටේ උත්සව කියලා වෙසක් උත්සවය කියලා තියෙනවා. ඒත් වෙසක් කියන්නේ අපේ ආගමික වත්පිළිවෙතක්. උතුරු මැද පළාතෙ පෙන්නුම් කරන තැන උතුරු මැද පළාතේ ඓතිහාසික උරුමය පෙන්වීම වෙනුවට පාපන්දුවක් තියන් ඉන්න ළමයෙක් තියල තියෙනවා. මේ ඔක්කොම එකම කුමන්ත්‍රණයක කොටස් බවයි පෙනෙන්නේ. මේවට පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා මේ පොත නැවත වහාම පාසල්වලින් එකතු කරන්න කියලා’’ යැයිද හෙතෙම කීවේය. කලණ වීරසිංහ
 

More News..