brand logo

වැටී ඇති කෘෂි කර්මාන්තය යළි නගාසිටුවිමට කටයුතු කරනවා - ගෝඨා

16 October 2019

අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඇති බවත් අපේ සංස්කෘතිය හා බැදුණු කෘෂි කර්මාන්තයේ යලි නගාසිටුවිමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසිිය. ගොඨාභය රාජපක්ෂ මහතා මෙිි බව පැවැසුවෙි අද (16) දා බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගනයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණය ප්‍රචාරක රැලියට එක් වෙමිණි. ඒ මහතා තවදුරටත් මෙසේද ප්‍රකාශ කලේය . අපි තිස් අවුරුදු යුද්ධය පරාජය කරලා සැම කෙනෙකුටම මෙිි රටෙි නිදහසේ ජිවත්විය හැකි තත්ත්වයක් ඇති කලා.අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සුරක්ෂිත රටක් බිහි කිරිමටයි. වත්මන් රජය රණවිරුවන්ගේ අභිමානය නැතිකරලා තිබෙනවා. ජනාධිපතිවරණයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පසුව රට වෙනුවෙන් යුතුකම් ඉටුකර මම ඇප කැප වෙනවා.අද මෙිි රටෙි තිබෙන ප්‍රශ්නවලට පැහැදිලි විසදුමි අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි මෙිි රටට ඉදිරිපත් කරන ආර්ථික සැලැස්ම ප්‍රායෝගික සැලැස්මක්.අපි ඒ සැලැස්මවල් ඉදිරිපත් කරනවා පමණක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරන්නන් පුළුවන් කණ්ඩායමක්.ඒ වගේම අපි උසස් පෙළ සමත් සියලුම දරැවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අමතරව වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරනවා.සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයෙන් නැවතුණු තරැණ තරැණියන්ට කාර්මික හා වෘත්තීය විද්‍යල ආරම්භ කරනවා .තරැණ තරැණියන් අතරමං නොකර අපි ඒ අයගේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරනවා.අපි ඇති කරන ආර්ථික සැලැස්ම තුල මෙිි රට සෞභාග්‍යවත් රටක් කරන්නට හැකි වෙනවා. රටෙි කෘෂිකර්මාන්තයට දියුණු කරන්න ගොවින්ට සහන ලබා දෙනවා. ගොවි නිෂ්පාදන සදහා පනවා ඇති බදු ඉවත් කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය දියුණු කරන්න රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් වෙලෙදපොලක් ඇති කරන්න ඔිනි. මැණික් කර්මාන්තය සදහා බලපත්‍ර ලබා ගැනිමට ඇති ප්‍රශ්න ගැටලු වලට විසදුමි ⁣දෙනවා. අද සැම කර්මාන්තය කරැවෙකේම බදු වලින් මිරිකිලා. අපිත් සමග වැඩ කරන විත්වතුන් සමග සාකච්ඡා කලා ඒ තත්ත්වය අපි හදුනාගෙන තිබෙනවා. වැ⁣ටි බද්ද අපි සියයට අට ( 8/) දක්වා අඩු කරනවා..අපි හැම විටම මිනිස් ශ්‍රමය තුලින් රට ගොඩ නගන්න කටයුතු කරනවා. අපි තරැණතරැණියන් වෙනුවෙන් රැකියා ප්‍රමානයක් උප්පාදනය කරල රැකියා ගැටලුවට විසදුමි ලබා දෙන්න කටයුතු කරනවා. බලන්ගොඩ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කරනවා.අපේ රටෙි ක්‍රියාත්මක කල යුත්තේ ඥනය මුල්කරගත්තු ආර්ථික ක්‍රමයක්.අපි මෙි රටෙි රැකියා උප්පාදනය කල හැකි කේෂ්ත්‍ර හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කරනවා.ගොවි ජනතාව මුහුණ දි සිටින සියලුම ගැටලු වලට තම රජයක් යටතේ ප්‍රමුඛතාවය ලබා දිලා ඒ ගොවින්ගේ ආර්ථිකයය දියුණු කරනවා.අපි හොද දර්ශනයක් ඇති ප්‍රයෝගිකි ප්‍රතිපත්ති මාලාවක් ඉදිපත් කරනවා. විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය වගේම තේ ,ගමිමිරිස් ආර්ථිකයයෙන් ලක්ෂ ගණනක් ජිවත්වෙනවා.මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කාලයේ ගමිමිරිස් කිලෝවක මිල රැපියල් එක්දහස් හාරසියයයි.දැන් රැපියල් තුන්සයයි හාරසයියි. ගමිමිරිස් මිල අඩු වෙලා තිබෙන්නේ ප්‍රති අපනයනය නිසා. අපි ගමිමිරිස් ප්‍රති අපනයනය වහාම නතර කරලා ගමිමිරිස් වගාකරැවන් ආරක්ෂා කරනවා. ඒ වගේම මෙිි ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානම ආර්ථිකය තේ ආර්ථිකය. තේ ආර්ථිකය දැන් කඩා වැටිලා. දවසින් දවස මිල පහත වැටෙනවා. අපි තේ වගාකරැවන් කුඩා තේ වතු හිමියන් ආරක්ෂා කරන්න තේ කර්මාන්තය දියුණු කරන කටයුතු කරනවා. ඔබ ඔබෙි යුතු කම ඉටු කරන්න.මම මගේ යුතුකම ඉටු කරලා මෙිි රට සෞභාග්‍යවත් රටක් බවට පත් කරන බවට පොරොන්දු වෙනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසිිය.
 

More News..