brand logo

අවිස්සාවේල්ලේ ෆේස්බුක් සාදයක් වටලයි - තරුණයින් 21ක් හා තරුණියන් 4ක් අත්අඩංගුවට

13 October 2019

අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ ෆේස්බුක් හරහා සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් සංවිධානය කළ සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. පොලීසිය පැවසුවේ වැටලීමේදී හෙරොයින්, අයිස්, ගංජා යන මත්ද්‍රව්‍ය සමග තරුණයින් 21ක් හා තරුණියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මෙම තරුණ තරුණියන් ඇඹිලිපිටිය, දෙහිඔ්විට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1315ක්, අයිසි මිලිග්‍රෑම් 525ක් සහ ගංජා ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 210ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මොවුන් අද (13) දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  
 

More News..