brand logo

නියම වෙලාවේදී පොරෝප්පේ ගැලවෙයි

27 October 2018

මෙයට ටික දවසකට කලින් කතාකරපු වෙලේ ඔබ කිව්වා ඉදිරි සතියක කාලයක් මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්නවා කියලා. ඒ ස්වයං වාරණය අවසන් වෙන්නේ ඇමැතිකමකින් කියලයි අපි හිතාගෙන හිටියේ. ඒත් සතියක් ගෙවිලා. අදටත් හිටපු ඇමැති රවී කියන්නේ මන්ත‍්‍රීවරයෙක් විතරයි. තවදුරටත් සද්ද නැතිව ඉන්නවද? සද්ද නැතිව ඉන්නේ නෑ. මෙතැන වෙන අසාධාරණය බලාගෙන ඉන්නවා. මනුස්සයොත්, අමනුෂ්‍යයොත් දක්වන ප‍්‍රතිචාර මොන වගේද කියල බලාගෙන ඉන්නවා. ඔබ ‘බලාගෙන ඉන්නවා’ කියලා වචනවලින් කීවට, ඔබේ ස්වරය ඇතුළෙ තියෙන්නේ දත් කූරු කාගෙන ඉවසගන්න ස්වරූපයක් අපේ දේශපාලනයේ දෙකොට්ඨාසයක් ඉන්නවා. මල පෙරේතයෝ වගේ අරක්ගත්තු පිරිසකුත් ඉන්නවා. මහත්මා දේශපාලනයක් වෙනුවෙන් අවතීර්ණ වුණු අපි වගේ කීපදෙනකුත් ඉන්නවා. මේ දෙක අතරේ වෙනස, ඒ කියන්නේ මේ සිදුවන අසාධාරණය ජනතාව හමුවේ පෙන්වා දෙන්න කටයුතු කරනවා. අද මිනිස්සුන්ට පේනවා මේ කරන්නේ මොකක්ද, වෙන්නේ මොකක්ද, මොනවද මේවයේ යටි අරමුණු කියලා. අපව පත්කළ ජනතාව මේකට උත්තරයක් දෙනකම් බලාගෙන ඉන්න සිද්ධවෙලා තියෙනවා. ඔබ ඔය මළපෙරේතයා කියන වචනයෙන් හඳුන්වන්නේ 2030 වෙනකම් පක්‍ෂ නායකත්වයේ ඉන්න හදන කෙනෙක්ටද? එක්කෙනෙක් ගැන නෙමෙයි මම කතා කරන්නේ තුන් හතර දෙනෙක් ගැන. ඒ කියන්නේ ඔබගේ පක්‍ෂයේ පෙරේතයෙක් විතරක් නෙමෙයි කුම්භාණ්ඩයොත් ඉන්නවා? ඔව්, මම බොහොම සෘජුව කියලා තියෙනවා ඒ ගැන. අපේ පක්‍ෂය නැතිකරන්න හදන්නේ පිටින් විතරක් නම් නෙමෙයි, ඇතුළෙ ඉන්න තුන් හතරදෙනෙකුටත් ඒ උවමනාව හොඳටම තියෙනවා. මේක මොන වෛරසයක්ද කියන්න මට තේරෙන්නේ නෑ. මේ අය ගාව සමගිය කියන එක ගෑවිලාවත් නෑ. සමගියක් ඇතිකරන්න හදන අයව නැති කරන එකයි ඒ අය කරන්නේ. වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ව නැති කරන එකයි කරන්නේ. ඔබ කියන පක්‍ෂය ඇතුළෙ ඉඳන් පක්‍ෂය කන මේ තුන්හතරදෙනා මේ කරන්නේ කඳන් පනුවෝ කරනවා වගේ දෙයක් කියන එක පක්‍ෂයේ අනෙක් සමාජිකයන්ට තේරෙන්නෙ නැතිද? ඔව්. ඔව්... මේ තුන් හතරදෙනා කරන අපරාධය පක්‍ෂය ඇතුළෙ ඉන්න අනෙක් හැම කෙනෙක්ටම වගේ පේනවා. පක්‍ෂයේ විතරක් නෙමෙයි විපක්‍ෂයේ අයටත් පේනවා. මුළු රටටම පේනවා. ඒ විතරක් නෙමෙයි ඔබ මේ ප‍්‍රශ්නය ජනාධිපතිතුමාටත් පෙන්නුවා කියලත් ආරංචියක් තියෙනවා? ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නම එකතුවෙලා සාධාරණයක් ඉටුකරයි කියල මට විශ්වාසයි. ඒත් මේක පරක්කු වෙන්නේ අර කියපු පක්‍ෂය පහළට අදින කුහක අය කිහිප දෙනා නිසා. මේක ප‍්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයක්. දෙතුන්දෙනෙක්ගේ බූදලයක් නෙමෙයි. හැබැයි පීඩනය වැඩි වුණහම පොරොප්පෙ ගැලවිලා යනවා කියන එකත් ඒ අය දැනගෙන ඉන්න ඕනේ. ඔබගෙ පක්‍ෂයේ හිටපු ලේකම්තුමා තිස්ස අත්තනායක මහත්තයත් පොරොප්පෙ ගලවගෙන එළියට පැනපු කෙනෙක්. ඔහු අද එජාපය ගැන කලකිරුණු එජාප ලේ තිබෙන අයවත් එකතුකරගෙන වෙනම පක්‍ෂයක් හැටියට යම් අරගලයක් කරන්න සැරසෙනවා. මේ වගේ රැල්ලක් එක්ක එකතුවෙලා මේ අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ඔබට හිතෙන්නේ නැද්ද? මොකටද එහෙම කරන්නේ. අර කියපු වෛරස් දෙකතුන ඉවත් කළා නම් ප‍්‍රශ්නය ඉබේම විසඳෙනවා. පහුගිය පළාත් පාලන මැතිවරණයෙදි වුණේ මොකද? ඒකෙදි අපිව කොන් කරලා තිබුණ එකනේ වුණේ. මට දුන්නු උතුරු කොළඹ තමයි 100%ක්ම ජයග‍්‍රහණය කළේ. යුඑන්පී බළකොටු කීයක් වැටුනද? ඒ වුණාට යූ.එන්.පී ය කියන්නේ ඔබත් ඉන්න නැව. ‘අතනත් හිලක්, මෙතන හිලක්, මම ඉන්න තැන නම් පුළුදු නැහැ’ කිව්වට වැඩක් නැහැ. මේ නැව ගිලුනොත් ගිලෙන්නේ ඔබත් එක්කම. මට පුළුවන් විදිහට ඒක පෙන්නල දීලා තියෙනවා. මේ අසාධාරණය දකින ජනතාවම ඒකරාශී වෙලා ඒකට පිළියම යොදයි. ලෝකයේ හොඳම මුදල් ඇමැති විදිහට පිදුම් ලබපු චරිතයක් සමග කතා කරන්න ලැබුණු වෙලාවේ, අද රුපියලට මේ මොකද වෙලා තියෙන්නේ කියලා මම ඇහුවෙ නැතොත්, ඒක ලොකු අඩුවක්. මම හිතන්නේ ඒ ප‍්‍රශ්නය අහන්න ඕනෙ ඒවා භාරදීලා තියෙන අයගෙන්. රුපියල අවප‍්‍රමාණ වීම ගැන උත්තර බඳින්න ඕනෙ ඒ අය. ඔබ උත්තරයක් නොදෙන්නේ ඒකෙ කොනක ඔබත් පැටලෙන නිසාද කියලත් හිතෙනවා? නැහැ. මම කීවානේ. රුපියල අවප‍්‍රමාණ වීම ගැන දැන ගන්න ඕනේ ඒ අය. හැමෝම හැම දෙයක්ම සම්පූර්ණයෙන් දන්නෙ නැති බව ඇත්ත. නමුත් රජයේ නිලධාරීන් ටිකකට මේක භාරදීලා ඉන්නවා නම් ඒක නරියට කුකුල්ලු භාරදුන්නා වගේ තමයි. ඒ මේ පැත්තට ඇඟිල්ල දික්කරන එක කොහොම වුණත්, මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකාරණය ඇතුළේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සැනසීම වැනසිලා තියෙනවා. ඒ කියමනත් එක්ක ඔබ එකඟ වෙනවද? සැනසීමක් තිබුණා. අපි මුදල් අමාත්‍යාංශ පාලනය කරන කාලෙ. අපි සියලුුම ඡන්ද පොරොන්දු ඉෂ්ට කරලා, ජනාධිපතිතුමා අගමැතිතුමා අපහසුතාවට නොවන විදිහට වැඩ කළා. නමුත් ඊට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉස්සරහා දණගහගෙන ඉන්න රජයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට අවශ්‍ය විදිහටයි දේවල් සිද්ධවෙන්නේ. දේශපාලනික තීන්දු තීරණ ගැනීමට නොහැකි වීමේ ප‍්‍රතිවිපාකය තමයි මේ විඳින්නේ. ‘කවදා.... සහනයක් ලැබේද?’ කියලා රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔබේ තුන්කල් දකින ආර්ථික ඥානයෙන් කියන්නකො බලන්න ඒ දවස කවදා වෙයිද කියලා? සහන දෙන්න පුළුවන් අයට ඒ වගකීම් භාරදීපු දවසකට... සහන දෙන්න පුළුවන් එහෙම කෙනෙක් මෑත කාලෙදි ඒ වගකීම් භාරගෙන හිටියද? ඇයි දුන්නේ නැතිද? රටේ ආරථිකය අසීරුම අඩියක තියෙද්දි ඒ වගකීම් භාරගෙන අපි පොරොන්දු ඉටුකළේ නැද්ද? ඒ වුණාට, කරන්න බැරි දේවල් පොරොන්දු වෙලා ඉවක් බවක් නැතිව ඒවා ඉටුකරන්න ගිහිනුයි, භාණ්ඩාගාරය හිඳිලා මේ විදහට බංකොලොත් වුණේ කියලා රට්ටු කියනවා. උකුණු හිසක් තරම්වත් මොළයක් නැති අය කියන කතා. සමාජය තුළ ඇතිව තියෙන මතයක් ගැන කීවහම එහෙම උත්තරයක් දීලා පැනල යන එක හරි මදි නේද? කොහෙත්ම නැහැ. ඡන්ද පොරොන්දු දීලා, ඒවා ක‍්‍රියාත්මක කරන්න පුළුවන් දේශපානඥයෝ සිටියා කියලා ඔප්පු වුණේ අපේ පාලනය තුළ. අපි පාලනය කරපු කාලෙ ඡන්දෙට දීපු පොරොන්දු ඔක්කෝම එකින් එක ඉටු කළා. එහෙම බැරිනම් අපි සැබෑ දේශපාලනඥයෝ නොවෙයි. ඒ කියනනේ, අද රට කරන්නේ ඔය කියන සැබෑ දේශපාලනඥයෝ නෙමෙයි කියන එකද? පිළිතුර - අද රට කරන්නේ මහ බැංකුවේ තුන් හතර දෙනෙකුයි, සී.අයි.ඩි යෙ තුන් හතරදෙනෙකුයි, නීතිපති දෙපාර්තමේන්තුවේ දෙතුන් දෙනෙකුයි. දැන් පේනවනේ ඒ අයගෙ කියුම් කෙරුම් ඔක්කෝම. දැන් හෙළිදරව් වෙලා තියෙනවානේ ඔක්කොම. දෙන්නෙක් තුන්දෙනෙක්ගේ වැඩපිළිවෙළ ඇතුළේ කොහොමද තර්ජනය කරලා උත්තර ගන්නේ කියලා. මේකද යහපාලනය කියන්නේ. ජනතාව කියන්න ඕනේ සටන් පාඨ දැන් ඔබේ කටින් කියැවෙනවා. හරිම දෛවෝපගතයි. හැමදෙකම සීමාවක් තියෙනවනේ. මනුෂ්‍යත්වයෙන් පල්ලෙහාට බැහැලා මෙහෙමත් අමනුෂ්‍ය මට්ටමකට පත්වෙන්න, මේ තරම් අසාධාරණ මට්ටමින් හැසිරෙන්න මිනිස්සුන්ට පුළුවන්ද කියලා මට ප‍්‍රශ්නයක් තියෙනවා. රවී කරුණානායක හොඳමට සැලිලා වගේ. හොඳට මතක තියාගන්න, රවී කරුණානායක කියන්නේ වැල්ලෙ තියෙන පොල් ගහක් බව. අව්වටත්, වැස්සටත්, රැල්ලටත්, කුණාටුවටත් හොඳට ඔරොත්තු දෙනවා. හුළඟකින් බිමදාන්න පුළුවන් එකක් නෙවෙයි.  
 

More News..