brand logo

41වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

10 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු නිවස තුළදීම මියගොස් තිබේ. රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර, රාගම රෝහලේ කරන ලද පශ්චාත් පරීක්ෂණයේදී එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියයාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ දීර්ඝකාලීනව පැවැති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ්19 ආසාදනය හේතුවෙන් උත්සන්නවීමයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 41ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියි.
 

More News..