brand logo

311ක් සුවය ලබයි

16 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් තවත් 311දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අංශ සදහන් කළේ මේ දක්වා ආසාදිතයින් 11,806ක පිරිසක් කොවිඩ් වෛරසයෙන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි. මෙරටින් අද පස්වරුව දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 17,287කි. ඉන් 5423දනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. මේ වන විට මෙරටදී මියගොස් ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 58කි.
 

More News..