brand logo

30වන කොවිඩ් මරණය වාර්තා වෙයි

06 November 2020

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 30වන කොවිඩ් ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළේය. ඊයේ (05) දින මියගොස් ඇති මෙම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි. මෙලෙස මියගියේ වයස අවුරුදු 23ක් වූ මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. මෙම මරණයට හේතුව අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.
 

More News..