28, 29 හා මැයි 01 අධික සුළං තත්ත්වයක් සමග විශාල වර්ෂාපතනයක්
26 April 2019
28, 29 හා මැයි 01 අධික සුළං තත්ත්වයක් සමග විශාල වර්ෂාපතනයක්
26 April 2019
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධන වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ දිවයිනට කිලෝමිටර් 1000ක මුහුදු ප්‍රදේශයක කුණාටු තත්ත්වයක් වර්ධන වී ඇති බවයි.
මේ තත්ත්වය සමඟ මස 28, 29, හා මැයි 01 දින විශාල වර්ෂාපතනයක් (මිලිමීටර 100 -150ක) ඇතිවිමත්, අධික සුළං තත්ත්වයක් ඇති විමට ඉඩ ඇතැයි ඔහු පැවසීය.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහි විශාල බලපෑම ධිවරයින්ට ඇති බව පැවසු ඇමතිවරයා, මේ දිනවල මුහුදු යාමෙන් වැළකි සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.