brand logo

ඇන්ඩෲගේ පිහිටෙන් ගොඩගිය කොල්කටා කණ්ඩායම

06 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රීයේ පැවැති තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගෙන ගත්තේය. ඊට හේතුවූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රහාරත්මක පිතිකරු ඇන්ඩෲ රසල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයය. මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම විසින් ලකුණු 205ක අභියෝගයක් කොල්කටා කණ්ඩායමට ලබාදී තිබේ. කොල්කටා කණ්ඩායම සිය 15 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව වන විට කඩුළු 4ක් දැවී ලබාගෙන සිටියේ ලකුණු 139ක් පමණීයි. එම අවස්ථාවේදී බැංග්ලූර් එම්. චින්නස්වාමි පිටියට පැමිණෙන ඇන්ඩෲ රසල් සිය කස ප්‍රහාරය දියත් කිරීමට ආරම්භ කරන්නේ කණ්ඩායම පරාජය කරා යන අවස්ථාවේදීය. පන්දු 16කට ලකුණු 52ක් ලබාගත යුතුව තිබුණ ද එය ඉතාමත් අසීරු ඉලක්කයක් බව කොල්කටා ක්‍රීඩාලෝලීන් සිතමින් පරාජයේ ශෝකයෙන් වෙලී සිටියදී ඇන්ඩෲ රසල් දැවැන්ත හයේ පහර 7කින් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ඇතුළු කළේය. ඒ අනුව පන්දු පහකුත් ඉතිරි කරමින් ඇන්ඩෲ රසල් කොල්කටා කණ්ඩායමට කඩුළු 5ක ජයක් ගෙන ඒමට සමත්වේ.

ඇන්ඩෲ රසල්ගේ සුපිරි පිතිහරඹය මෙතනින් බලන්න...

 

More News..