brand logo

25 වසරක් පමාවූ ලෝක කුසලාන සමරු පදක්කම වට්මෝර්ටත්

15 June 2021

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව ප්‍රදානය කළ සමරු පදක්කම වසර 25කට පසුව තමාට ලැබුණු බව සඳහන් කරමින් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඩේව් වට්මෝර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූපයක් පලකොට තිබුණි. ජයග්‍රාහී ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන් වෙත ජයග්‍රහණයෙන් අනතුරුව පිරිණැමුණු අදාළ සමරු පදක්කම ක්‍රිකට් ආයතනය සතුව පැවැතියේය. ලෝක කුසලානය දිනා මේ වසරට වසර 25ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් මාර්තු 17 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී එම මතක සැමරුම් ක්‍රීඩකයන්ට ලබා දීමට කටයුතු කළේය.  
 

More News..