brand logo

ශානි අබේසේකරට 23 වනදා ප්‍රකාශයක් ලබා දෙන ලෙස රහස් පොලිසිය දැනුම් දෙයි

21 January 2020

ඉකුත්දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මේ මස 23 වනදා පෙනීසිටින ලෙස රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ. එම විමර්ශනවලදී අනාවරණය වූ දුරකථන ඇමතුම් පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙලෙස කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තීරණය කර තිබෙන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. මෙම විමර්ශනය පිළිබඳව රහස් පොලිසිය විසින් දැනටමත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද කරුණු ඉදිරිපත් කර තිබේ.
 

More News..