brand logo

22 වැනි කොරෝනා මරණයක් ගැන අසත්‍යය පුවතක් සමාජ මාධ්‍යයේ හුවමාරුවෙයි

01 November 2020

මොහොතකට පෙර මෙරටින් වාර්තා වූ 21 වැනි කොරෝනා මරණය පිළිබද මේ වන විට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක කතාබහක් බවට පත්වී ඇත. මෙය මෙරට වාර්තා වූ 22වැනි කොරෝනා මරණය ලෙස අර්ථ කථනය කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා ආකාරයක් දක්නට ඇත. මෙයට හේතුව වී ඇත්තේ ගම්පහ නගරාධිපති එරංගන සේනානායක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබා ඇති කොරෝනා මරණයක් සම්බන්ධයෙන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ ඇති කොරෝනා මරණය යන දෙකෙහි ඇති පරස්පරය හේතුවෙනි. ගම්පහ නගරාධිපතිවරයා මෙය නිවසේ සිදුවූ මරණයක් ලෙස මුහුණු පොතේ ලියා ඇති අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කළේ මෙම මරණය රෝහලේදි සිදුවූ බවයි. මේ නිසා මෙය මරණ දෙකක් ලෙස අර්ථකථනයකොට 22 වැනි කොරෝනා මරණය නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සාහ කරන බැවින් වගකිව යුතු මාධ්‍යයක් ලෙස අපි මීට මැදිහත් වෙමු. මේ සම්බන්ධයෙන් අප ගම්පහ නගරාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම මරණ දෙකම එකක් බවයි. ඔහු කියන කතාව පහතින් අහන්න.....     21 වැනි කොරෝනා මරණය සම්බන්ධ සබැදි පුවත

මෙරට 21වන කොරෝනා මරණය වාර්තාවෙයි

 

More News..