brand logo

2032 ඔලිම්පික් ක්‍රීඩා උලළල බ්‍රිස්බේන් නගරයේ

21 July 2021

2032 වසරේදි ඔලිම්පික් ක්‍රීඩා උලළල සහ පැරාලිම්පික් උළෙලේ සත්කාරත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට අද නිල වශයෙන් ප්‍රදානය කර තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටු 138 වැනි සැසිවාරයේදී එම ප්‍රදානය සිදුකෙරිණි. නව ලංසු ආකෘතියට අනුව බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව නිතරගයෙන් හිමි වු බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. 2032 වස‌රේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සදහා කටාර්, ජර්මනිය සහ හංගේරියාව ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත්වීමට උත්සාහ කළ ද අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හදුන්වාදුන් නව ලංසු ආකෘතියට අනුකූල නොවීම හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාව අහිමිවී ඇත. ඔස්ට්‍රේලියාවට මීට පෙර දෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවස්ථාව හිමිවිය. ඒ, 2000 වසරේ සිඩ්නි නුවරදී සහ 1956 වසරේ මෙල්බර්න් නුවරදීය.
 

More News..