brand logo

2025 වන විට ණය බරින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි - දයා ගමගේ

08 February 2019

2025 වසර වන විට ණය බරින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වී ඇතැයි සමාජ සවිබලගැන්වීම් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කරයි. හලාවත ප්‍රදේශයේ ඊයේ(07) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළ අතර පසුගිය කාලයේ දින 52 ක කාලයක් මුළු රටම අකර්මන්‍ය වු බවත්, ඒ තුළින් රට තුළ ගෙන යමින් තිබු වැඩපිළිවෙලෙන් ප්‍රතිඵල ලැබීමට තිබු මොහොත අවාසනාවකට මෙන් ගිලි හී ගිය බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 2015 වන විට ලංකාව ලබා ගත් ණයවලින් ගෙවීමට හැකි වුයේ පොලිය පමණක් වුවත් අද වන විට ණය වාරිකයක් සමඟ සමඟ පොලිය ද ගෙවීමට හැකියාව හිමි වී ඇති බවය. අද වන විට සංවර්ධනය සඳහා ණය ගැනීමට සිදුව ඇති බවත්, ණය චක්‍රෙයන් මිදීමට නම් නිෂ්පාදන ක්‍රියාවලිය නැංවිය යුතු බව ද ප්‍රකාශ කළේය.
 

More News..