brand logo

2024 දී අයිෆෝන්ස් වෙනස් වෙයි

08 June 2022

අයිෆෝන්ස් ගැන යුරෝපීය කොමිසම තීරණයක් ගනී

යුරෝපයේ විකුණනු ලබන අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බව යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සියලුම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන "charging port" ඇතිකළ යුතුය යනුවෙන් යුරෝපීය සංගමයේ සාමාජික රටවල් එකඟවී තිබේ. එබැවින් 2024 වනවිට අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතුය. එමගින් පාරිභෝගිකයින්ගේ කටයුතු පහසුවන බවත් සමාගම් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත්වීම හේතුවෙන් තමන් ඊට මැදිහත් වූ බව යුරෝපීය කොමිසම පවසයි. අයිෆෝන් සහ ඇන්රොයිඩ් ෆෝන් භාවිත කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් හේතුවෙන් එක හා සමාන "charging port" නිර්මාණය කරන ලෙස යුරෝපීය සංගමය අදාළ සමාගම්වලට වසර 10ක පමණ කාලයක් විටින් විට දැනුම් දී තිබුණි.
 

More News..