brand logo

2023 දී ෆේස්බුක් එකෙන් එළියට යන දේ

01 November 2022

Meta සමාගමෙන් දැනුම්දීමක්

Meta සමාගම විසින් පසුගියදා Instant Articles සඳහා සහාය දැක්වීම 2023 වසරේ අප්‍රේල් මස සිට නවත්වන බව සියලුම Instant Article publishersලාට දැනුම්දී තිබේ. ඉන් පසුව publishersලාට විකල්ප මාර්ග සොයා ගැනීමට මාස 6ක කාලයක් ලබාදෙන අතර instant articles වෙත තිබූ user traffic එක ස්වයංක්‍රියවම අදාළ publisherගේ web අඩවිය වෙත යැවෙන බව ඔවුන් තවදුරටත් සඳහන් කර තිබේ. Facebook instant articles යනු, 2015 හඳුන්වා දුන් ජංගම දුරකථනවල ඉතා ඉක්මනින් load කිරීමට හැකි Facebook විසින්ම සපයන HTML ලේඛනවලටයි. Facebook මෙය එළිදක්වන විට කියා සිටියේ, instant articles සම්මත ජංගම වෙබ් අඩවියට වඩා 4 ගුණයක වේගයෙන් load වී දර්ශනය වන බවයි. 2015 දී විදේශ රටවල ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ට මෙය ඉතා යෝග්‍ය වූ අතර පසු කලකදී ජනයාගේ මූලිකම ප්‍රවෘත්ති දැනගැනීමේ app එක බවට පත් වීමටද Facebook සමාගමට (දැන් meta) මේ තුළින් හැකිවිය. මේ හේතුවෙන් පුවත් ප්‍රකාශක වෙබ් අඩවි හැ‍ර අනෙකුත් කාණ්ඩයේ වෙබ් අඩවි රාශියක්ද ඍජුවම වෙබ් අඩවි වෙත තම ලිපි පළ නොකර Facebook servers තුළ ඇති instant articles සේවාවට පළ කිරීමට උනන්දු විය. මේ හේතුවෙන් වඩාත් ජනප්‍රිය වූ මෙයට Facebook සමාගම විසින් ads යොමුකර ප්‍රකාශකයන්ට යම්කිසි මුදලක් ඉපැයීමට හැකි වන සේ ද මේ instant article සේවාව යාවත්කාලීන කරනු ලැබීය. මේ තුළින් publishersලාට තමන් කැමති ads හෝ Facebook audience network එක තුළින් ස්වයංක්‍රීයවම මේ සඳහා ads පළ කරවීමට හැකිවිය. සමාජ මාධ්‍ය අතරේ ලිපි අභිබවා TikTok වැනි platforms තුළ short videos එක්වරම ජනප්‍රිය වීමෙන් මේ Facebook instant articles සඳහා ලොකු පහරක් එල්ලවූ අතර 2016 ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් පසු වැරදි තොරතුරු සහ හානිකර දේශපාලන අන්තර්ගතයන් රැල්ලක් අවුළුවාලීම සඳහා ක්‍රියාකාරීන්ගේ සහ විද්වතුන්ගේ විවේචන වසර ගණනාවකට පසු එහි instant articles තුළ සහය දැක්වීම අඩු සහ අඩු උනන්දුවක් දැක්වීමෙන්ද මේ instant articles වෙත තදබල පහරක් එල්ල වුණි. 2018 මුල් භාගය වන විට, Columbia Journalism Review එකකට අනුව, වසර තුනකට පෙර Facebook Instant Articles සමඟ මුල් හවුල්කරුවන් ලෙස ලැයිස්තුගත කර ඇති ප්‍රකාශනවලින් හරි අඩකට වඩා මෙම Instant articles දැනටමත් අත්හැර දමා තිබේ. Instant articles හදුන්වා දුන් දින සිටම Facebook සමඟ සිටි බොහෝ ප්‍රකාශනවල ප්‍රධාන article platform එක Facebook instant articles වීමට පෙර ඔවුන්ට අසාධාරණයක් නොවන පරිදි meta සමාගම විසින් මේ තීරණය ගෙන තිබේ.
 

More News..