brand logo

2022 පාසල් රග්බි ලීග් ශූරතාව ඉසිපතන විද්‍යාලයට

14 August 2022

රාජකීයන් පරාජයට පත්වෙයි

2022 පාසල් රග්බි ලීග් ශූරතාවලියේ ශූරයින් බවට පත්වීමට කොළඹ ඉසිපතන විද්‍යාල කණ්ඩායම අද සමත්විය. ඒ කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 7කින් පරාජයට පත් කරමින්. ඉසිපතන විද්‍යාලය මෙවරට පාසල් රග්බි ලීගය ජයග්‍රහණය කරනු ලැබුවේ 16 වැනි වරටයි. කොළඹ ඉසිපතන රග්බි කණ්ඩායම ලකුණු 21ක් ලබාගැනීමට සමත් වූ අතර, කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 15ක් පමණීයි. තරගය පැවැත්වුනේ කොළඹ හැව්ලොක් ක්‍රීඩාපිටියේදීයි.
 

More News..