brand logo

2021 ලෝක කුසලාන සත්කාරකත්වයට ඉන්දියාව සූදානම්

10 August 2020

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්ව කල් දැමුණු පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන දින වකවානු අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් තහවුරු කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී. පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 දක්වා කල් දමා තිබේ. 2021 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය 2021 වසරේදීම සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට තීරණය කර තිබේ. 2020 ඉසව්ව සඳහා මේ වන විට සුදුසුකම් ලැබූ සියලුම කණ්ඩායම් 2021 හි දී තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සහභාගි වනු ඇත. 2022 ලෝක කුසලාන තරගාවලිය සඳහා නව සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබේ. 2021 පෙබරවාරි මාසයේදී නවසීලන්තය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 2022 වසරේ පෙබරවාරි සහ මාර්තු දක්වා කල් දමා තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තරගාවලි කාලසටහන් නිකුත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය අපේක්ෂා කරයි.
 

More News..