brand logo

2021 ලෝක කුසලාන අවස්ථාවත් අපට ලබාදෙන්න - ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලීමක්

29 May 2020

2020 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය වෙනුවට තමන්ට 2021 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සත්කාරකත්වය ලබා දෙන ලෙසට ඔස්ට්‍රේලියාව ඉල්ලා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී. කොරෝනා වයිරස තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මුහුණ පා සිටින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් මෙම ඉල්ලීම කර තිබේ. මෙම වසරේ විස්සයි විස්ස සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට හිමිවන අතර වාරයේදී ලබන වසරේ අදාළ සත්කාරකත්වය හිමි වූයේ ඉන්දියාවටය. කොරෝනා වයිරස තත්ත්වය හමුවේ ලබන වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට ලබාදිය යුතු බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසා සිටියද, ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව ලබා දීම සඳහා ඉන්දියාවේ එතරම් කැමැත්තක් නැති බවටද විදෙස් මාධ්‍යයන්හි පළ විය. ඔස්ට්‍රේලියාවේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ ක්‍රිකට් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට යෙදී තිබුණු මහ සභා රැස්වීමේදී තීරණයකට එළැඹීමට නියමිතව තිබිණි. යම් හෙයකින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත්, අදාළ කාලයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

More News..