brand logo

2021 නව වසර හරසරින් ඇරඹේ

01 January 2021

2021 නව වසර ආරම්භ වූයේ 21 වැනි සියවසේ දෙවැනි දශකය ද ආරම්භ කරමිනි. නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව මෙන්ම විදෙස් රටවල ජනතාවද ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලබා ඇත. ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමිව තිබුණා. මේ අතර ලංකාවේද ජනාධිපතවරයා, අගමැතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද 2021 නව වසර සඳහා සුබ පැතුම් එක්කර තිබුණා. පළමුව 2021 වසර උදාව සිදුවුයේ පැසිෆික් දූපත් වන කිරිබාටි සහ සමෝවා දූපත්වලටයි. ඉන් අනතරුව නවසීලන්ත වැසියන්, උදාවූ නව වසර මහත් උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. එහිදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ස්කයි කුලුන ආශ්‍රිතව සුපුරුදු පරිදි අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීම සහ වර්ණවත් ලේසර් ආලෝක සංදර්ශනයක්ද පවත්වා ඇත. මීළඟට 2021 වසර පිළිගත්තේ ඔස්ට්‍රේලියානු ජනතාව වන අතර ඔවුන් සුප්‍රකට සිඩ්නි වරාය පාලම සහ ඔපෙරා රඟහල ආශ්‍රිතව ඔවුන් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්විය.
 

More News..