brand logo

2021 ජාතික ඔරු පැදීමේ ශූරතාවලියට SLT-MOBITEL ප්‍රධාන අනුග්‍රාහකත්වය

13 March 2021

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම සහයෝගය දැක්වීමේ තවත් පියවරක් ලෙස, 2021 මාර්තු 12 සහ 13 යන දිනවලදී දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ 2021 ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය භාරගැනීමට ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය ඉදිරිපත්ව විය. ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය හා එක්ව මෙම ශූරතාවලිය සංවිධානය කෙරිණි. වයස අවුරුදු 14න් පහළ, 16න් පහළ, 18න් පහළ, අන්තර් මධ්‍යම සහ විවෘත යන කාණ්ඩ යටතේ මෙම ඔරු පැදීමේ තරග සංවිධානය වේ. එහිදී ඔරු පැදීමේ ක්‍රීඩාවේ සුපිරි දක්ෂයන් සම්බන්ධ වන විවෘත තරග ඉසව්ව කාගේත් වැඩි අවධානයක් දිනාගත් තරගය බවට නිරායාසයෙන් පත්ව තිබේ. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරන SLT-MOBITEL මේ සඳහා සහභාගී වන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරතුරුවම සවිබල ගැන්වීමට කැපවී සිටී.
 

More News..