brand logo

2021 අවසාන මාස දෙක තුළ සංචාරකයින් 200,000කට අධික පිරිසක් අපේක්ෂා කරයි

13 November 2021

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මෙම වසරේ අවසාන මාස දෙක තුළ සංචාරකයින් 200,000 කට අධික සංඛ්‍යාවක් අපේක්ෂා කරයි. වැඩි ගුවන් ගමන්, ප්‍රවර්ධන ක්‍රියාකාරකම්, සංචාරක සීමාවන් ලිහිල් කිරීම සහ සාර්ථක එන්නත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම ඉලක්කයට ලඟාවිය හැකි බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි. 2021ජනවාරි 21 වන දින රට නැවත සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු සංචාරක කර්මාන්තය ඩොලර් මිලියන 130 කට වඩා උපයා ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි. "වසර දෙකක කාලයකට පසු ශීත ඍතුවේ සංචාරකයන් ඉහළ යාම ඉලක්ක කර ගනිමින් අපි සියලු උත්සාහයන් දරනවා. ලබන වසර අවසන් වන විට කර්මාන්තය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," යැයි ඇමැතිවරයා පෙන්වා දෙයි. ප්‍රංශ සංචාරකයින්ගෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ පැරිස් අතර ගුවන් වාර ගණන පුළුල් කිරීමට උනන්දු වන බව ද හෙතෙම සඳහන් කරයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම වසර හයකට පසු ප්‍රංශ අගනුවර වෙත සිය නියමිත ගුවන් ගමන් ආරම්භ කළේ ඔක්තෝබර් 30 වැනිදාය. දැනට ශ්‍රීලංකන් ගුවන් සේවය එයාර්බස් A330-300 ගුවන් යානා භාවිත කරමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා ප්‍රංශයට අඛණ්ඩව ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. කොළඹ සහ පැරිස් අතර සෘජු ගුවන් ගමන් සේවා හඳුන්වාදීම මෙරට සංචාරක ව්‍යාපාරයේ වේගවත් පුනර්ජීවනයකට ඉවහල් වන බවත් යුරෝපයේ ශීත ඍතුවේ ආරම්භය හේතුවෙන් ඉදිරි මාසවලදී ප්‍රංශයෙන් මෙන්ම ඒ ආශ්‍රිත රටවලින් තවත් සංචාරකයින් පැමිණීමට අපේක්ෂා කරන බවත් සංචාරක ඇමතිවරයා පවසයි. ප්‍රංශයට අමතරව, Lufthansa සමූහයේ සාමාජික ස්විස් ගුවන් සේවය (Swiss International Airlines) වසර දෙකක කාලයකට පසු නොවැම්බර් 5 වැනි දින සිට සතිපතා ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇත. (නන්දතී ලියනගේ) ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මෙම වසරේ අවසාන මාස දෙක තුළ සංචාරකයින් 200,000 කට අධික සංඛ්‍යාවක් අපේක්ෂා කරයි. වැඩි ගුවන් ගමන්, ප්‍රවර්ධන ක්‍රියාකාරකම්, සංචාරක සීමාවන් ලිහිල් කිරීම සහ සාර්ථක එන්නත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම ඉලක්කයට ලඟාවිය හැකි බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි. 2021ජනවාරි 21 වන දින රට නැවත සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු සංචාරක කර්මාන්තය ඩොලර් මිලියන 130 කට වඩා උපයා ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි. "වසර දෙකක කාලයකට පසු ශීත ඍතුවේ සංචාරකයන් ඉහළ යාම ඉලක්ක කර ගනිමින් අපි සියලු උත්සාහයන් දරනවා. ලබන වසර අවසන් වන විට කර්මාන්තය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," යැයි ඇමැතිවරයා පෙන්වා දෙයි. ප්‍රංශ සංචාරකයින්ගෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ පැරිස් අතර ගුවන් වාර ගණන පුළුල් කිරීමට උනන්දු වන බව ද හෙතෙම සඳහන් කරයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම වසර හයකට පසු ප්‍රංශ අගනුවර වෙත සිය නියමිත ගුවන් ගමන් ආරම්භ කළේ ඔක්තෝබර් 30 වැනිදාය. දැනට ශ්‍රීලංකන් ගුවන් සේවය එයාර්බස් A330-300 ගුවන් යානා භාවිත කරමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා ප්‍රංශයට අඛණ්ඩව ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. කොළඹ සහ පැරිස් අතර සෘජු ගුවන් ගමන් සේවා හඳුන්වාදීම මෙරට සංචාරක ව්‍යාපාරයේ වේගවත් පුනර්ජීවනයකට ඉවහල් වන බවත් යුරෝපයේ ශීත ඍතුවේ ආරම්භය හේතුවෙන් ඉදිරි මාසවලදී ප්‍රංශයෙන් මෙන්ම ඒ ආශ්‍රිත රටවලින් තවත් සංචාරකයින් පැමිණීමට අපේක්ෂා කරන බවත් සංචාරක ඇමතිවරයා පවසයි. ප්‍රංශයට අමතරව, Lufthansa සමූහයේ සාමාජික ස්විස් ගුවන් සේවය (Swiss International Airlines) වසර දෙකක කාලයකට පසු නොවැම්බර් 5 වැනි දින සිට සතිපතා ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇත. ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒ පිලිබඳ රැස්වීමක් ප්‍රංශයේදී පැවැත්වුණු අතර ඊට මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ලංකා) සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි සහභාගී වූහ. (නන්දතී ලියනගේ)
 

More News..