brand logo

2021 අවසන් වන තෙක් විනෝද ගමන් බිමන් යන්න එපා

18 October 2021

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

2021 වර්ෂය අවසන් වනතෙක්වත් විනෝද ගමන් බිමන්වලින් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ මහතා පැවසුවේ විනෝද ගමන් යා හැකි වාතාවරණයක් තවමත් රටේ නොමැති බවයි.

දෛනිකව තවදුරටත් කොවිඩ් ආසාදිතයින් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් මෙරටින් හදුනාගන්න බව ඔහු පෙන්වා දෙයි.

ජනතාව සෞඛ්‍ය නීති කඩකරමින් විනෝද ගමන් යාමෙන් සිදුවන්නේ රට තුළ මීට පෙර පැවැති කොවිඩ් අවදානම් සහගත තත්ත්වය යළි මතුවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
 

More News..