brand logo

2021 අයවැය යෝජනා සජීවීව

17 November 2020

2021 වර්ෂයට අදාල අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වන විට ආරම්භ කර තිබේ. අයවැය යෝජනා....... සැමට ප්‍රතිලාභ ලැබෙන 6%ක් ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යෑම අපේක්ෂාවයි. විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා. නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය තවදුරටත් පුළුල් කරනවා. 2020 ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ සරල බදු ක්‍රමය ඉදිරි වසර 5 තුළ නොවෙනස්ව පත්වා ගන්නවා. බැංකු මූල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍ර හැර භාණ්ඩ ආනයනය, නිෂ්පාදනය හා සේවා සැපයීම් සඳහා ව්‍යාපාර පිරිවැටුප මසකට රුපියල් මිලියන 25 කට වැඩි ව්‍යාපාරවලට අදාළ 8% වැට් බද්ද නොවෙනස්ව පවත්වා ගැනීමට යෝජනා. ඉදිරි වසර 5 තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍රයන් ආදායම් බදුවලින් නිදහස් කරයි. විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හදුන්වාදීමට යෝජනා කරනවා. නිත්‍ය නිවාස වෙළෙදපොළ දිරිගැන්වීම සදහා ආදායම් බදුවලින් නිදහස්. 7% ණය පොලියට සමෘද්ධි ව්‍යවසාන සදහා ණය ලබාදීමට කටයුතු කරනවා. දේපළ ආයෝජන භාරය නිත්‍ය නිවාස වෙළෙපොළ නියෝජනය දිරිමත් කිරීම සදහා ලාභාංශ බද්ධ නිදහස් කරනවා. කොළඹ හා හම්බන්තොට කේන්ද්‍ර කරගෙන බන්ධිත ගුදම් පහසුකම් සදහා අක්වෙරළ සමාගම් සදහා කුලී බදු සහන ලබාදීමට යෝජනා කරනවා. දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම දිරි ගැන්වීම සඳහා 2021 - 12 - 31 පෙර ලැයිස්තුගත කරන සමාගම්වලට 50% ආදායම් බදු සහන ලබා දීමටත් ඉන් පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් 14%ක් ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩ නැගීමේ බද්ද වැනි බදුවලට අදාළ හිඟ බදු ගෙවන්නන්ගේ මූල්‍යමය හැකියාව පදනම් කර ගත් අවසන් හා පූර්ණ විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපිගොනු වසා දැමීමට යෝජනා කරනවා. තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීම සදහා රු. මිලියන 8000ක මුදලක් වෙන් කරනවා. පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමු කරනවා. මහජන ආරක්ෂාව සදහා විවිධ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. සියලු ග්‍රාම නිලධාරීන් කොට්ඨාස ආවරණය වන පරිදි බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා ලබාදීම සඳහා දුරකතන සැපයුම්කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සමග සන්නිවේදන කුළුණු සහ පහසුකම් ලබාදීමට සැලසුම් කරනවා. ගමට සන්නිවේදන වැඩසටහන සමස්ත රටටම ව්‍යාප්ත කිරීමට රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදුකරනවා. ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර සදහා නව තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරනවා. සන්නිවේදන කුළුණු ඉදිකිරීමට යෝග්‍ය ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරනවා. මෙම වැඩසටහන පරිසර හිතකාමී නව නගර වශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10000ක් වෙන්කරනවා. ඔන්ලයින් ක්‍රමයට කළමනාකරණය කළ හැකි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් 2021 අයවැයෙන් යෝජනා කෙරේ. බදු අභියාචන උසාවියක් ස්ථාපිත කිරීමටත් පියවර ගන්නවා. සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට ක්‍රියාකරනවා. ත්‍රිපෝෂ නිෂ්පාදන ඉහළ දෑමීම සදහා අමුද්‍රව්‍ය ලබාගැනීමට රු. මිලියන 1,500ක් අතිරේක ප්‍රතිපාදන වෙන්කරනවා. නොකඩවා ත්‍රිපෝෂ ලබාදීමට ලබන මාර්තු මස සිට ආරම්භ කරනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරීම සදහා රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කරනවා. නව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනවා. පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මහජන ආරක්ෂාව සදහා විවිධ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන වෙන්කරනවා. ත්‍රිවිධ හමුදාවට රුපියල් මිලියන 20000ක අමතර මුදල් පහසුකම් වෙන් කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාව හා ගුවන් හමුදාව ආපදා කළමනාකරණයේදී අවශ්‍ය කෙටිකාලීන පහසුකම් හා යන්ත්‍ර උපකරණ පිළිබදව අවධානය යොමුකර තිබෙනවා. දුෂ්කර පාසල්වලට දුරස්ථ අධයාපන ඉහළ දැමීමට පියවර ගන්නවා. දුෂ්කර පාසල් සදහා රූපවාහිනී යන්ත්‍ර හරහා ගුරු ගෙදර සෑම සිසුවෙකු වෙතම ප්‍රවේශ කිරීමට කටයුතු කරනවා. මේ සදහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනවා. වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරනවා. ශිෂ්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 3000ක අමතර ප්‍රතිපාදන ලබාදෙනවා. වෘත්තීය අධ්‍යාපන ලබන සිසුන් සදහා මසකට රුපියල් 4000ක දීමනාවක්. කෘතීම ධාවන පථ සහිත පාසල් 10ක ක්‍රීඩා පහසුකම් දියුණු කරනවා. 2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැංවීමට කටයුතු කරනවා. දිස්ත්‍රික්කයට එක බැගින් වෘත්තීය විශ්ව විද්‍යාල ඇති කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කරන විදේශිකයින් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල සිය සැපයීම්, ඉපයිම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණයවලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීමේ යෝජනාවක්. තේපැන් සංග්‍රහය සදහා සභාව විනාඩි 30කට අත්හිටුවන බවට කථානායකවරයා දන්වයි..... නාගරික ජනතාවට ස්වභාවික පරිසරයක් ළඟා කර දීමේ අරමුණින් දිවයින පුරා විසිර ඇති මහ නගර සභා සහ නගර සභාවල ඇවිදීමේ මංතීරු සහ ඒ ආශ්‍රිත ප්‍රජා පහසුකම් වැඩි දියුණු කර රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. තාක්ෂණ උද්‍යාන අධිවේගී මාර්ග පද්ධතියට හා අනෙකුත් යටිතල පහසුකම්වලට සම්බන්ධ වන අයුරුන් පරිසර හිතකාමී නව නගරවශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් මිලියන 250ක්. පාස්කු ප්‍රහාරයෙක් කඩා වැ‌ටුණු සංචාරක කර්මාන්තය යළි හිස එසවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ දුන් ණය අය කර ගැනීම් 2021 සැප්තැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. ගාල්ල, කුරුණෑගල මඩකලපුව, මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තාක්ෂණ උද්‍යාන ඉදි කිරීමට යෝජනා කරනවා. කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධායනයේදී තාවකාලිකව අහිමි වන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. මාතර, දෙණියාය ප්‍රදේශයේ වරාය, නාවික, ගුවන් ඉංජිනේරු විෂය කේන්ද්‍ර කර ගත් තාක්ෂණය නාවික විශ්වවිද්‍යාලයක් 2023ට පෙර ඉදි කිරිමේ සැලසුමක් කරනවා. හෙද විදුහල උපාධි පිරිනමන අධ්‍යාපන ආයතනයක් ලෙස උසස් කිරීමට යෝජනා කරනවා. වෘත්තිය අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කරන සිසුන්ට නිපුණතා තුළින් ව්‍යාපාර ආරම්භ කිරීමට ලක්ෂ 5ක ණය මුදලක් 4%ක වාර්ෂික පොලියක් යටතේ ලබා දීමට යෝජනා කරනවා. සූරියවැව ප්‍රදේශයේ නවීන තාක්ෂණය සහිත ක්‍රීඩා නගරයක් පිහිටුවීමට යෝජනා කරනවා. කිරි ගොවියන්ට නවීන තාක්ෂණ ඔස්සේ කිරි ලබාගැනීම සදහා කිරි ගොවීන් වෙනුවෙන් 7.5%ක පොලීය යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදලක් ලබාදීමට යෝජනා කරනවා. කිරිපිටි ආනයන වෙනුවෙන් අපනයනය කරන සමාගම් වෙනුවෙන් බදු සහන ලබාදෙනවා. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩිකිරීමට රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කරනවා. ලංකාවේ නොමැති මත්ස්‍යයින් ආනයනය කිරීමේ ක්‍රමවේදය සරළ කරනවා. ධීවර සංස්ථාව ලාභදායී මට්ටමට ගෙන ඒමට රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කරනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි 01දා සිට රුපියල් දහස දක්වා වැඩි කිරීමට ද යෝජනා කරනවා. පුරන් කුඹුරු වල පොල් හා තැඹිලි වගා කිරීම දිරිමත් කරනවා. අක්කර 6500ක කජු වගා කිරීමට පියවර. කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරනවා. කුරුණෑගල හා දඹුල්ල අධිවේගී මාර්ගයත් පොතුහැර සිට දඹුල්ල කොටසත් ඉදිරිකිරීමට කටයුතු කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකරනවා. මෙරින් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමට සැළසුම් කර තිබෙනවා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පුළුල් කිරීමටත්, කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කරනවා. මාර්ග සංවර්ධනය සදහා රුපියල් බිලියන 1300ක ආයෝජනයක් වසර තුනක් ඇතුළත සිදුකරනවා. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50,000ක් ඉදිකිරීමට යෝජනා කරනවා. ග්‍රාමීය පාලම් 10000ක් ඉදිකරනවා. සියලුම රාජ්‍ය සේවා සේවාවන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක් ද රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනා කරනවා. ලක්විජය බලාගාරයට මෙගාවොට් 300ක ගල් අගුරු බලාගාරයක් හා මෙගා වොට් 600ක එල්.එන්.ජී. බලාගාර දෙකක් ඉදිකරනවා. පුනර්ජනනීය බලශක්තිය හරහා මෙගා වොටා 1000ක් විදුලි බල පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සදහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදුන් ණය නැවත ගෙවීමේ කාලය 2021 සැප්තැම්බර් මස 30 වන දක්වා දීර්ඝ කරනවා. සංචාරක ව්‍යාපාරික කටයුතුවලදී පාළත් පාලන ආයතන විසින් අයකරන බදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කිරීමට අවශ්‍ය සංශෝධන සිදු කරනවා. ගමට බලාගාරයක් ගමට ව්‍යවසායක් වැඩසටහන යටතේ සූර්ය බල ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන ජල පොම්ප සදහා රුපියල් 150,000ක සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මැණික් අපනයනය දිරිමත් කිරීම සදහා වසර තුනක බදු විරාමයක් ලබාදෙනවා. මොරගහ කන්ද වාරි මාර්ග සැලැස්ම පුළුල් කරනවා. ගිං නිල්වලා වැනි වාරි මාර්ග ව්‍යාපෘති පුළුල් කරනවා. දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කරනවා. ගංගා වෙත අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම් නවතා දැමීමට කටයුතු කරනවා. අක්කර 15,0000ක වන වගා කරනවා. තෝරාගත් ස්ථානවල වන වගා කරනවා. නීති විරෝධී කැලෑ විනාශ කිරීම් වැටලීමටත්, වනාන්තර නැවත වගා කිරීමටත් ගුවන් හමුදාවේ සහාය ලබාගන්නවා. නව ජල යෝජනා ක්‍රම සදහා රුපියල් ට්‍රිලියනක ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අලුතින් පවුල් ලක්ෂ 35කට ජලය ලබාදීමට සැලසුම් සකස් කර තිබෙනවා. නව ව්‍යාපෘති 40ක් ආරම්භ කරනවා. ඒ සදහා තවත් රුපියල් බිලියන 75ක් වෙන්කරනවා. වාහන අලුත් වැඩියාව හා එකලැස් කිරීමේ කර්මාන්තයට අවශ්‍ය දෑ ආනයනය කිරීමේදී බදු සහන. වාහන අමතර කොටස් සදහා පනවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. අඩු සහ මැදිරි ආදායම් ලාභීන් සදහා නව නිවාස 50,000ක් - නිවාස මිලදී ගැනීම සදහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක්. කෘෂි භාණ්ඩ ආනයනයේදී විශේෂ ආනයන බද්දක්. ඉදල්, කොසු පොල් ආශ්‍රිත දෑ ගෘහ කර්මාන්ත වශයෙන් දියුණු කිරීමට අවධානය යොමු කරනවා. මැටි පිත්තල ලී කැටයම් ආදී සම්ප්‍රදායික ගම්මානවලට රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන. රාජ්‍ය සේවකයින් සදහා බැංකු මගින් ලබාදෙන නිවාස දේපළ ණය සදහා උපරිම පොළිය 7.5%ක් දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඔවුන්ගේ ගම්බිම් ඇති ප්‍රදේශවලටම ලබාදීමට යෝජනා කරනවා. රාජ්‍ය සේවකයින් සදහා සූර්ය කෝෂ ලබාදීමට ණය යෝජනා ක්‍රමයක්. මූල්‍ය ආයතන නියාමනයට ශක්තිමත් ව්‍යුහයක් ඇති කිරීමට යෝජනා කරනවා. ස්වයං රැකියා, ඇගළුම්, සංචාරක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රාශියක සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැනීමේ වයස රාජ්‍ය අංශයේ අවුරුදු 60ක් හා පෞද්ගලික අංශයේ 55ක් ලෙස නියම කර තිබෙනවා. පවත්වා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන කාන්තා හා පිරිමි විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60ක් දක්වා දීර්ඝ කරනවා. සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙදසැල් ආරම්භ කරනවා. මේ සදහා රුපියල් මිලියන 1000ක අතිරේක ප්‍රතිපාදන ලබාදෙනවා. ග්‍රාමීය ජනතාවට ධාන්‍ය ගබඩා කිරීමට බහාලුම් කන්ටේනර ලබාදෙනවා. ප්‍රාදේශීය සභාවල කැළි කසල කළමණාකරණයට රුපියල් මිලියන 3000ක් ලබාදෙනවා. සතිපොළ හා පොදු ස්ථාන පවිත්‍රව තබා ගැනීමට රුපියල් මිලියන 3000ක්. කොළඹ වරාය නගරය ආකර්ශනී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. එහි සංචාරක හා වාණිජ කටයුතු 2021දී ආරම්භ කිරීමට නියමිතයි. ඒ සදහා විශේෂ නීති පද්ධතියක් ජනවාරි මාසයේදී ස්ථාපිත කරනවා. එහි දේශීය සේවකයන් විදේශ ව්‍යවහාර මුදලින් වැටුප් ගෙවීමට කටයුතු කර තිබෙනවා. මෙය කඩාවැටුණු ආර්ථිකයක් ගොඩනැංවීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන අයවැයක්. ආයෝජන අවස්ථා රාශියක් ඇති සංවර්ධන අයවැයක්. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1961ක් වන අතර, රාජ්‍ය වියදම රුපියල් බිලියන 3525ක් වේ. අයවැය හිගය රුපියල් බිලියන 1564කි. 2021 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 5.5%ක් වනු ඇත. 2021 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සංග්‍රහය හදුන්වා දෙනවා. 2025 වසරේ අයවැය හිගය 4%ක් බවට පත් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 වසර සදහා වන අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2021 අයවැය විවාදය කල් තැබීම සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදුකළේය. ඒ අනුව හෙට (18) උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි.
 

More News..