පලා පල

2021 ජූලි මස 29 වැනි බ්‍රහස්පතින්දා

2021 ජූලි මස 29 වැනි බ්‍රහස්පතින්දා

රාහු කාලය දිවා 01.50 සිට 03.24 දක්වා රාත්‍රී 01.43 සිට 03.11 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- දකුණ

මේෂ

අධ්‍යාපන කටයුතුවලට බාධා

අනවශ්‍ය වියදම් යෙදේ. අවුල් වියවුල් සහිතයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. රජයේ රැකියාවල නිරත අයට විවිධ ගැටලු මතු වේ. යම්කිසි දෙයක් ගැන සිතට සැකයක් ඇති වේ. අධ්‍යාපන කටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකි වේ. ආහාර ජීර්ණයේ අපහසුතා මෙන්ම දණහිසෙන් පහල ආබාධ තත්ත්වයන් ඇති කරයි.

වෘෂභ

නව රැකියාවලට ශුභයි

බලාපොරොත්තු ඉෂ්ට වේ. ඥාති මිත්‍රාදීන්ගේ වැඩි සැලකිල්ලක් ලබයි. විවාහාපේක්ෂකයන්ට ගැළපෙන අයගෙන් යෝජනා ඉදිරිපත් වේ. අන්සතු වස්තුව පවා ලැබීමේ ඉඩකඩ පවතී. රැකීරක්ෂා කටයුතුවලට ඉල්ලුම් කිරීමට ශුභයි. විදෙස්ගත අධ්‍යාපන කටයුතුවලින් ද ජයග්‍රහණ ලබා ගනී. උසස් අය සමග ආශ්‍රය ඇති වේ.

මිථුන

මුදල් ලැබේ

විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පුළුල් කර ගනී. ණයට දුන් මුදලක් නැවත ලැබේ. ඥාති මිත්‍රයන් සමග ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසේ. ගොවිතැන් කටයුතුවල නිරත අයට වාසිදායකයි. සමාජයේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වේ. සතුරු කරදරවලින් නිදහසක් ලැබිය හැක. සෞඛ්‍යය යහපත්ය.

කටක

රැකියාවේ ගැටලු

වියදම් පක්ෂය ඉහල යයි. කේලාම් ඕපාදූප හේතුවෙන් රැකියාවේ ගැටලු මතු කරයි. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් වළකින්න. විශේෂයෙන් ඥාතීන් සමග කටයුතු කිරීමේ දී මුළාවීම් සිදුවිය හැක. කරගෙන යන වැඩකටයුතු කල් දැමීමට සිදු වේ. කැපුම් කෙටුම් ආදී තුවාල සිදු වීමේ ඉඩකඩ පවතී.

සිංහ

ව්‍යාපාරවලින් අලාභ

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයගේ ලාභ අඩු වේ. අධ්‍යාපන කටයුතුවලට අවහිරතා ඇති වේ. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි. රක්තවාත රෝග උත්සන්න විය හැක.

කන්‍යා

සිතේ සතුට ඇති වේ

සිත් සතුටට කරුණු සැලසේ. යහපත් දේට සිත යොමු කරයි. වෙනදාට වඩා සැප පහසුව කල් ගත කිරීමේ හැකියාව ලැබේ. ලබාගන්නා ආහාරපානවල විශේෂත්වයක් ඇති වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. නවීන යන්ත්‍රසූත්‍ර භාවිතයට සිත යොමු වේ. ශරීරයේ සිසිල් බවක් ඇති කරයි.

තුලා

ආදායම යහපත්

ආදායම් තත්ත්වය තරමක් දුරට යහපත්ය. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉෂ්ට වේ. කය වෙහෙසා වැඩ කිරීමට සිදු වේ. රැකීරක්ෂා කටයුතුවල නිරත වීමේ දී කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අවශ්‍යයි. ප්‍රණීත ආහරපාන භුක්ති විඳීමේ හැකියාව ලැබේ.

වෘශ්චික

සතේ බිය ඇතිවේ

මුදල් පාවිච්චියේ දී කල්පනාකාරී වන්න. ඥාති මිත්‍රාදීන් සමග ආරවුල් ඇති වේ. සිතේ භය සංකා ඇති කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. කරගෙන යන කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමට බාධා පැමිණේ. ගෙදරදොර වටපිටාව අපිරිසිදු තත්ත්වයට පත් වේ. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් ලැබීමේ ඉඩ පවතී.

ධනු


නඩුහබවලට පැටලේ

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. ණයතුරුස් වීමට පවා ඉඩ තිබේ. සිත් තැවුල්වලට හේතු යෙදේ. නඩුහබවලට පැටලීමෙන් කරදර සිදු වේ. මිතුරන් සතුරන් බවට පත් විය හැක. ගෙදරදොර අඩුපාඩු හේතුවෙන් පවුල් ජීවිතයේ ද මත ගැටුම් ඇති වේ. පවුලෙන් පිට අය සමග ආශ්‍රය වැඩි වේ. අන්‍ය ජාතිකයන් ද ඇසුරට පත් වේ.

මකර

හිතවත් අයකු වෙන් වේ

ආදායම වියදම සමබරයි. රැකියා ස්ථානයේ දෝෂාරෝපණ එල්ල විය හැක. තනතුරුවලින් පහත වැටීමේ අවදානමක් පවතී. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ප්‍රයෝජන අත්පත් වේ. ධෛර්යයෙන් වැඩකටයුතුවල නිරත වේ. අධ්‍යාපන කටයුතුවලට මහන්සි වීමට සිදු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. හිතවත් අයකුගෙන් ඈත්වීමක් පෙන්වයි.

කුම්භ

බලාපොරොත්තු කඩ වේ

මිල මුදල් හානි සිදු වේ. වටිනා බඩු භාණ්ඩ අස්ථානගත විය හැක. රැකියා ස්ථානයේ මත ගැටුම්වලට ඉඩ පවතී. බලාපොරොත්තු කඩ වීමෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණිය හැකි බැවින් උත්සාහවන්තව ක්‍රියා කළ යුතුයි. කතාබහ පාලනය කර ගැනීම වටී.

මීන

ගෙදරදොර සාමකාමී වේ

ආදායම් මාර්ග සරු වේ. මිතුරන් හා ආශ්‍රය වැඩි වේ. වෙනදාට වඩා සැප පහසුවක් ලැබේ. ව්‍යාපාර කටයුතුවල නිරත අයට දියුණුවක් හිමි වේ. රැකීරක්ෂා කටයුතුවල උසස්වීම් පෙන්වයි. අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගැනීමේ අවකාශ පවතී. ගෙදරදොර සාමකාමී බවක් ඇති වේ. විනෝද කටයුතුවලට යොමු වේ.