පලා පල

2021 ජූලි මස 09 වැනි සිකුරාදා

2021 ජූලි මස 09 වැනි සිකුරාදා

රාහු කාලය දිවා 10.42 සිට 12.16 දක්වා රාත්‍රී 10.49 සිට 12.16 දක්වා

ශුභ දිසාව- බස්නාහිර, මරු සිටින දිසාව- ගිනිකොන

 

මේෂ

උසස් තනතුරු

ආදායම් වැඩි වේ. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට විශේෂ දියුණුවක් පෙන්වයි. උසස් තනතුරුවලට පත් වේ. ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. ස්ත්‍රීන්ගෙන් ගැටලු ඇතිවිය හැක. අමුත්තන් තමා‌ සොයාගෙන පැමිණේ. හිතවත් අයගෙන් ඈත්වීමක් සිදුවිය හැක. සෞඛ්‍ය තත්ත්වය යහපත්.

වෘෂභ

ගමන්බිමන් වැඩි වේ

අහංකාර ගති ඉස්මතු වේ. තම තත්ත්වය පෙන්වීමට මුදල් වියදම් කිරීමට යාමෙන් පාඩු සිදුකර ගනී. ගමන්බිමන් වැඩි වේ. පවුලේ අය අතර ආරවුල් පැන නගී. භාරගෙන කරන කටයුතුවලින් පාඩු සිදු වේ. වටිනා කියන බඩු භාණ්ඩවලට හානි සිදුවිය හැක. සැමියාට හෝ භාර්යාවට රෝගාබාධ වැළඳීමේ ඉඩ තිබේ.

මිථුන

බණ භාවනා කරයි

සිතේ සතුට ඇති වේ. පෙර තිබුණාට වඩා හොඳ තත්ත්වයකට පත් වේ. මිතුරන් සමග ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අතීත සිදුවීම් මතකයට නැගේ. බණ භාවනාදී ආගමික කටයුතු කෙරේ යොමු වේ. අසත්‍ය චෝදනා එල්ල විය හැක. ඌෂ්ණාධික රෝග සාදයි.

කටක

දරුවන්ට වියදම් වැඩි වේ

ආදායම් අඩු වේ. නිෂ්ඵල වියදම් වැඩි වේ. ලාභ බලාපොරොත්තුවෙන් කරන අයෝජනයන්ගෙන් පාඩු සිදු වේ. රජයේ රැකියාවල නිරත අයට කරදර ගැටලු ඇති ව්. දරුවන් සම්බන්ධයෙන් වියදම් ඉහල යයි. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් පාඩු ඇති කරයි. අරවුල්වලට මැදි වීමෙන් අනතුරු සිදු විය හැක.

සිංහ

වෙළෙඳාම් දියුණු වේ

නොයෙක් ආකාරයේ ලාභ ලැබේ. ගෞරව සැලකිලි වැඩි වේ. උසස්වීම් බලපොරොත්තු වන අයගේ පැතුම් ඉටු වේ. විනෝද ගමන් යයි. ඥාති මිත්‍රාදීන් සමග සතුටු වීමේ අවස්ථා හිමි වේ. වෙළෙඳ කටයුතු දියුණුවට යයි. සමාජ සේවා කටයුතුවලට මුල්තැන දෙයි. ලැබීමට තිබූ මුදලක් හිමි වේ. පිය උරුම හිමි වේ.

කන්‍යා

ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ

අමතර ආදායම් මාර්ග ලැබේ. අලුතින් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන යන කටයුතුවල ද දියුණුවක් ඇති වේ. උසස් අයගෙන් ලාභ ප්‍රයෝජන හිමියි. දිනපතා කරගෙන යන කටයුතුවල යහපත් වෙනස්කම් සිදු වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ අවධානයට යොමුකර ගනී. රැකියා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේ.

තුලා

වැඩිහිටියන්ට අසනීප

අධික වියදම් ඇති වේ. නීති ගැටලුවලට මැදිවී ඇත්නම් පරාජයට පත් වේ. ඇඳුම් පැළඳුම්වලට හානි පැමිණේ. ආරවුල්වලට මැදිවීමට සිදුවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කල්ගත කළ යුතුයි. දුරබැහැර ගමන් යෙදේ. පවුලේ වැඩිහිටියන්ට අසනීප සෑදිය හැක. හිතවත් ඥාතියකුගෙන් හේ මිත්‍රයකුගෙන් වෙන්වීමට සිදු වේ.

වෘශ්චික

නීති විරෝධී වැඩ කරයි

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. නොසැලකිලිමත්කම හේතුවෙන් මුදල් නාස්ති වේ. වංචාවලට හසුවිය හැක. සොර සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. නීති විරෝධී දේ සඳහා යාමුවිය හැක. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරතා ඇති වේ. සිත අධෛර්යමත් බවට පත් වේ. හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

ධනු


විනෝදයට යොමු වේ

මිල මුදල් ලාභ ලැබේ. ස්ත්‍රී පක්ෂය සම්බන්ධ වෙළෙඳ කටයුතුවලින් ලාභ උපයයි. විනෝදයට යොමු වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් ලබයි. ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධනය වේ. මංගල යෝජනාවලට විරෝධතා ඇතිවිය හැක. ගමන්බිමන් අධිකයි. සෙම් දෝෂවලට ඉඩ පවතී.

මකර

විවාහ බලාපොරොත්තු ඉටු නොවේ

අනවශ්‍ය දේට මුදල් වියදම් කරයි. රැවටීම් මුළාවීම්වලට හසුවිය හැක. නිෂ්ඵලගමන්යයි. තරග විභාගවලින් පරාජය උරුමයි. සතුරන් සමග ගැටලු උත්සන්න වේ. ඥාති මිත්‍රයන්ගෙන් වෙන්වීමක් පෙන්වයි. විවාහය සම්බන්ධයෙන් ඇති බලාපොරොත්තු ඉටු නොවේ. රක්ත වාතාබාධවලින් පෙළේ නම් එය උත්සන්න විය හැක.

කුම්භ

ආදායම් මාර්ගවලට බාධා

මිල මුදල් හානි සිදුවිය හැක. ඥාති මිත්‍රාදීන් සමග අවුල් ඇතිවිය හැකි බැවින් ඉවසිලිමත් විය යුතුයි. ගමන්බිමන් යාමේ දී බලාපොරොත්තු රහිත කරදර ඇති වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. ගොවිතැන් කටයුතුවලින් පාඩු සිදු වේ. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් හිමිවීමේ ඉඩ පවතී. ජලයෙන් ප්‍රවේසම් වන්න.

මීන

කේන්තිය පාලනය කර ගන්න

කරදර සහිතයි. අනුමානයට කරන කටයුතුවලින් පාඩු සිදු වේ. සතුරන්ගෙන් කරදර ඇති කරයි. නීතියේ පිහිට පැතීමට සිදු වේ. ණයකාරයන්ගෙන් ප්‍රශ්න ඇතිවේ. අධික කේන්තිය පාලනය කරගත යුතුයි. කරගෙන යන කටයුතු කල් දැමීමට සිදු වේ. ශරීර අසනීප ගති සාදයි. විශේෂයෙන් උදරාබාධ වැළඳිය හැක.