පලා පල

2021 ජූලි මස 01 වැනි බ්‍රහස්පතින්දා

2021 ජූලි මස 01 වැනි බ්‍රහස්පතින්දා

රාහු කාලය දිවා 07.31 සිට 09.06 දක්වා රාත්‍රී 07.55 සිට 09.21 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- වයඹ

මේෂ

සැක සංකා මතුවේ

මුදල් නාස්තිවීම් සිදු වේ. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. නැතහොත් වැඩකටයුතු කල්දැමීමට සිදු වේ. ඥාති මිත්‍රාදීන් සමග අවුල් වියවුල් ඇති කර ගනී. වාසස්ථානයේ අපිරිසිදු තත්ත්වයක් ඇති වේ. නොයෙක් දේ ගැන සැක සංකා මතු කරයි. ඉක්මන් කෝපය නිසා ගැටලු ඇතිවිය හැක.

වෘෂභ

තත්ත්වය උසස් වේ

බලාපොරොත්තු ඉටු වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුවලින් ද සාර්ථකත්වයක් ලබයි. තම තත්ත්වය උසස් වේ. එමෙන්ම උසස් පුද්ගයන්ගේ ඇසුරට පත් වේ. මවගේ පාර්ශ්වයේ ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වේ. පොළොව සම්බන්ධ කැණීමක් සිදු කරයි.

මිථුන

විනෝදයට බරයි

ආදායම් තත්ත්වය සරුයි. රැකියා කටයුතුවල දියුණුවක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයට වාසිදායකයි. පතල් කර්මාන්තයේ යෙදෙන්නන්ට වටිනා මැණික් හමුවිය හැක. විනෝදයට බර වේ. ගෞරව සැලකිල්ල ලැබේ. රාගාධික සිතුවිලි පාලනය කරගත යුතුයි.

කටක

වටිනා බඩු නැතිවේ

සිත් තැවුල් ඇති වේ. වියදම් පක්ෂය ඉහල යයි. නොතේරුම්කමින් පාඩු සිදුකර ගනී. කල්පනාකාරී විය යුතුයි. ඥාතීන් සමග ගනුදෙනු කිරීමේ දී ගැටලු මතු විය හැක. කරගෙන යන වැඩකටයුතු ප්‍රමාද වේ. කේලාම් ඔ්පාදූපවලට හසුවිය හැක. වටිනා බඩු අස්ථානගතවීමේ ඉඩ පවතී.

සිංහ

කතාබහ අඩුයි

මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෞරවයට හානි වන ආකාරයේ කටයුතු සිදු වේ. සොර සතුරු පීඩා පැන නගී. කරගෙන ආ කටයුතුවල ප්‍රමාදතා සිදු වේ. ධෛර්යයෙන් වැඩකටයුතු කළ යුතුයි. වෙනදාට වඩා කතාබහේ අඩුවීමක් ඇති වේ. ශරීරයේ අප්‍රාණික ගති මතු වේ.

කන්‍යා

නව මිතුරු සබඳතා

ශුභදායකයි. නොයෙක් ආකාරයේ ලැබීම් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට වාසිදායකයි. ගොවිතැන් කටයුතුවලින් ද ආදායම් සරු වේ. ස්ත්‍රී පක්ෂය සමග හිතවත්කම් ඇති වේ. අලුත් මිත්‍රයන් හා මිතුරියන් මුණගැසේ. සමාජයේ ගෞරවයට ලක් වේ. ලැබීමට තිබූ මුදලක් ලැබේ.

තුලා

අධ්‍යාපනයට ශුභයි

වියදමට සරිලන ආදායම් උපයයි. සතුරු කරදර මර්දනය වේ. ස්මරණ ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපනයට ශුභයි. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබේ. මහන්සි වී යම් වැඩක් කිරීමට සිදු වේ. ප්‍රණීත ආහාරපාන භුක්ති විඳී. රැකියා කටයුතුවල දී කල්පනාකාරී වන්න. ශරීර සනීපය ඇති වේ.

වෘශ්චික

සතුන් සර්පයන්ගෙන් කරදර

හදිසි මුදල් වියදම් පෙන්වයි. සිත් චංචල කරවන සිදුවීම් යෙදේ. ශුභ වැඩ ආරම්භයට සුදුසු නොවේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බයක් ඇති වේ. උදාසීන ගති ඇති කරයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. සතුන් සර්පයන්ගෙන් කරදර ඇතිවිය හැක.

ධනු


රැකියාවේ දෝෂාරෝපණ

සිතේ කනගාටුවක් ඇති වේ. රැකියා ස්ථානයේ උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. මුදල් සම්බන්ධ අගහිඟතා මතු කරයි. ඇඳුම් පැලඳුම්වලට හානි පැමිණේ. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. ඉවසිලිවන්තව කාලය ගත කළ යුතුයි. ආමාශයේ ආබාධ හට ගනී.

මකර

සතුරු කරදර වැඩිවේ

නව ආදායම් මාර්ග පිළිබඳ අදහස් ඇති වේ. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අපහසුතා පැන නගී. සතුරු කරදර වැඩි වේ. මිත්‍රයකුගේ හෝ අමුත්තකුගේ හමුවීමක් පෙන්වයි. තමා ගැන ගුණ කථනයක් ඇසීමට ඉඩ සැලසේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

කුම්භ

වියදම් ඉහලයි

ආදර සම්බන්ධතාවලට වැඩිහිටි විරෝධය ඒල්ල වේ. කරගෙන යනකටයුතුවලට කරදර මතු වේ. වියදම් පක්ෂය ඉහල යයි. විනෝද ක්‍රීඩාවල නිරත වේ. ඒහෙත් සිතේ සතුටක් ඇති නොවේ. බලාපොරොත්තු ඉටුවීම කල් යයි. තද ලෙස රාගාධික සිතිවිලි පහල වේ.

මීන

විවාහ පැතුම් ඉටුවේ

යහපත් දිනයකි. දියුණුවක් ලැබේ. බලාපොරොත්තු ඉටු වේ. ඉගෙනීම් කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. විදෙස් අධ්‍යාපන කටයුතුවලට යොමු වීමේ පදනම වැටේ. ඥාති මිත්‍රාදීන්ගේ සිත් දිනා ගනී. රැකියා උසස්වීම්වලට මග පෑදේ. විවාහ කටයුතු සම්බන්ධ යහපත් ප්‍රවණතාවක් පවතී.