පලා පල

2021 ජුනි මස 29 වැනි අඟහරුවාදා

2021 ජුනි මස 29 වැනි අඟහරුවාදා

රාහු කාලය දිවා 03.21 සිට 04.55 දක්වා රාත්‍රී 03.05 සිට 04.32 දක්වා

ශුභ දිසාව- බස්නාහිර, මරු සිටින දිසාව- නැගෙනහිර

මේෂ

උසස් මිතුරන් ලැබේ

ආදායම් මාර්ග සරු වේ. ගෞරව සැලකිලි ලැබේ. වෙළෙඳ කටයුතුවල නිරත අයගේ දියුණුවක් ඇති වේ. අලංකාරයට ප්‍රසිද්ධියට කටයුතු කරයි. පියාගෙන් උරුම ලැබේ. අලුත් උසස් මිත්‍රයන් ආශ්‍රයට පත් වේ. අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වේ. සමාජීය වැඩවලට යොමු වේ.

වෘෂභ

ප්‍රේම සබඳතා ඇතිවේ

තත්ත්වය උසස් වේ. සිතේ සතුට ඇති වේ. රජයෙන් හෝ රැකියා ස්ථානයෙන් ගෞරව සැලකිලි ලැබේ. ඥාති මිත්‍රාදීන්ගේ උපකාර හිමි වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබේ. වෙළෙඳ කටයුතුවලින් ලාභ උපයයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. කල්පනාකාරීව කාලය ගත කළ යුතුයි.

මිථුන

ගෙදරදොර ගැටලු

වියදම් අධිකයි. නොතේරුම්කමින් පාඩු සිදුකර ගනී. ඥාතීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. විවාහ ජීවිතයේ ගැටලු මතු වේ. සතුරු කරදර ඉස්මතු කරයි. අභියෝග භාරගෙන ඒවායින් ජය ගැනීමේ හැකියාව ලැබේ. පියාගේ වස්තුව හිමි වේ. රැකියා බලාපොරොත්තු වන්නන්ගේ අදහස් ඉටු වේ.

කටක

ඥාතියකුට අසනීප

සිත් තැවුල් ඇති වේ. වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරුයි. ගෞරව සැලකිලි අඩු වේ. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කිරීමෙන් පාඩු සිදු වේ. කරගෙන යන කටයුතුවල යම් යම් වෙනස්කම් ඇති කරයි. හිතවත් ඥාතියකුට අසනීපයක් සෑදිය හැක. හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්න.

සිංහ

විදෙස් අධ්‍යාපනයට ශුභයි

මුදල් ලැබීම අතින් ශුභදායකයි. රැකියා කටයුතුවලින් උසස්වීම් හිමියි. මිත්‍රයකු හෝ හිතවතකු ගැන අශුභ ආරංචියක් ලැබේ. ස්ථානගත වෙනස්කම් සිදු වේ. විවාහ යෝජනා ස්ථිරත්වයට පත් වේ. විදෙස් අධ්‍යාපන කටයුතුවලට ශුභයි. අනුන් වෙනුවෙන් තම ධනය වැය කිරීමට සිදු වේ. නෑයන් සමග අමනාපකම් ඇතිවිය හැක.

කන්‍යා

නීති විරෝධී වැඩවලට යොමුවේ

ආදායම් අතින් තරමක් ශුභදායකයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගත හැක. උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. නීති විරෝධී වැඩවලට සිත යොමු වේ. අසතුටුදායක ආරංචි ලැබේ. නීති ගැටලුවලට පැටලීමේ ඉඩකඩ පවතී. තමාගෙන්ම උදව් ගත් කෙනෙකු නිසා කරදරවලට මුහුණ පෑමට සිදු වේ.

තුලා

වෙළෙඳාමෙන් විශේෂ දියුණුවක්

අධික වියදම් ඇති වේ. විවාහය සම්බන්ධ යෝජනාවලට ගැටලු මතු කරයි. උසස් අයගේ ආධාර උපකාර හිමි වේ. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට විශේෂ දියුණුවක් ලැබේ. සතුරු කරදර මර්දනය වේ. අස්ථානගත වූ දෙයක් නැවත ලැබේ. ගොවිතැන් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්පත් කර ගනී.

වෘශ්චික

ස්ත්‍රී පක්ෂයෙන් ලාභ

අහංකාර ගති ඉස්මතු වේ. වාසස්ථාන පිළිබඳ වෙනස්කම්වලට ඉඩ පවතී. අස්ථානගත චෝදනාවලට ලක් වේ. කාර්යබහුල දිනයකි. සිතේ බයක් ඇති වේ. වියදම් පක්ෂය ඉහල යයි. ස්ත්‍රී පක්ෂයෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. ආගමික කටයුතුවල යෙදේ. කලත්‍රයගේ පවුලේ අයගෙන් උපකාර හිමි වේ.

ධනු


පදිංචියේ වෙනස්කම්

හිතුවක්කාරී ගති ඇති වේ. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරයි. පවුලේ අය අතර මත ගැටුම් හට ගනී. වංචා ප්‍රයෝගවලට හසු වේ. භාරගෙන කරන කටයුතුවලින් පාඩු සිදු වේ. ගොවිතැන් කටයුතුවලින් පාඩු උරුමයි. පදිංචි ස්ථානයේ වෙනස්කම් සිදු වේ. උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල වේ.

මකර

තනතුරු අහිමි වේ

මුදල් අගහිඟතා ඇති වේ. ස්ථාන හෝ පදිංචියේ වෙනසක් සිදු විය හැක. ගෙදරදොර වාසය අප්‍රිය වේ. අනුමානයට කරන කටයුතුවලින් පාඩු සිදු වේ. තනතුරුවලින් පහල යෑමක් පෙන්වයි. බලාපොරොත්තු රහිත අවුල් වියවුල් මතු වේ. මහන්සියේ තරමට ප්‍රයෝජන නොලැබේ. නෑයකු හෝ මිතුරකුගේ වෙන්වීමක් සිදුවිය හැක.

කුම්භ

අලංකාර බඩු මිලදී ගනී

දියුණුවට කටයුතු සැලසේ. අතහැර දමා තිබූ කටයුතු නැවත අරඹයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ උපයයි. අලංකාර දේ මිලට ගනී. සතුරන් පරාජය වේ. අලුතින් ආරම්භ කරන කටයුතු දියුණුවට පත් වේ. රැකියා කටයුතුවල උසස්වීම් හිමියි. සහෝදරයන්ට රෝගාබාධ ඇති කරයි. දූ දරුවන්ට යහපත්ය.

මීන

රහස් සබඳතා

සුළු සුළු ලාභ හිමියි. අදහස් ඉෂ්ට වේ. මහන්සි වී වැඩකටයුතු කරයි. පවුලේ අය සමග අවුල් මතු වේ. නීතියේ පිහිට පැතීමට සිදුවන කරුණු යෙදේ. දේපළ සම්බන්ධ ගැටලු මතු වේ. දුරදිග නොබලා ගන්නා තීරණ නිසා පාඩු ඇති වේ. දරුවන් සම්බන්ධයෙන් මුදල් වියදම් කරයි. රහසිගත සබඳතාවලට යොමුවිය හැක.