පලා පල

2021 ජුනි මස 27 වැනි ඉරිදා

 

2021 ජුනි මස 27 වැනි ඉරිදා

රාහු කාලය දිවා 04.55 සිට 06.29 දක්වා රාත්‍රී 04.31 සිට 05.58 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- උතුර

මේෂ

නව මිතුරන් ලැබේ

ගරු සැලකිලි ලැබේ. දියුණුවට අවශ්‍ය කටයුතු කරයි. අලුත් මිතුරන් ආශ්‍රයට ලැබෙන අතර රැකියා කටයුතු උසස් අන්දමින් කරගැනීමේ ඉඩ ලැබේ. කතාවේ බලයෙන් සිය කටයුතු සාර්ථක කර ගත හැක. පොත්පත්ලිපි ද්‍රව්‍ය සඳහා වියදම් වීමක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ උරුමයි. හිසේ උෂ්ණ ගතිතුවාල ඇති වීමට ද ඉඩ තිබේ.

වෘෂභ

විශේෂ වරප්‍රසාද

මිල මුදල් ලැබීම සාර්ථක වුව ද වියදම් පක්ෂය ද පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. නිෂ්ඵල ගමන් යෙදේ. උසස් අයගේ උදව් උපකාර හිමි වේ. රජයෙන් විශේෂ වරප්‍රසාද හිමි වීමේ ඉඩකඩ පවතී. විවාහ ජීවිතය සාමාන්‍ය අන්දමට පවත්වාගෙන යයි. දරුවන්ගේ කටයුතුඅධ්‍යාපන කටයුතු සතුටුදායක මට්ටමක පවතී. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

මිථුන

පින්දහම්වල යෙදේ

තම ධනයට හානි සිදුවිය හැක. චෝදනා අපහාසවලට ලක්වීමේ අවස්ථා ඇතිවිය හැක. කරගෙන යන කටයුතුවල යම් ප්‍රමාදතාවක් ඇති කරයි. නිවසින් පිට වාසය කිරීමේ අවස්ථා යෙදේ. ලිපි ලේඛන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් ලබා ගනී. උදාසීන ගති ඉස්මතු කරයි. පියාට යහපත්ය. පුණ්‍ය කටයුතුවල නියැළේ. සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැක.

කටක

කතාවේ බලයෙන් වැඩ ගනී

වාසනාවන්ත දිනයකි. කතාවේ බලයෙන් වැඩකටයුතු සිදු කර ගනී. ධෛර්යමත්ව ක්‍රියා කරයි. අලුත් බලාපොරොත්තු ඇති වේ. විදෙස් අධ්‍යාපන කටයුතුවලට පදනම වැටේ. රැකියා ස්ථානයේ කටයුතු සාර්ථක අන්දමට සිදුකර ගත හැක. ලේඛන සම්බන්ධ රැකියාවල නිරත වූවන්ට ඉතා යහපත් දිනයකි. හදිසි අනතුරුවලට ලක් වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

සිංහ

සමාජයේ කතාබහට ලක්වේ

වියදම් වැඩි වුව ද මුදල් ලාභ උරුමයි. බලාපොරොත්තු ඉටු වන දිනයකි. දේපළ ලාභ හිමි වේ. ඥාති මිත්‍රාදීන් සමග සබඳතා වැඩි වේ. සමාජයේ කතාබහට ලක් වේ. රැකියා කටයුතු යහපත් ආකාරයට සිදු වේ. ආගම දහම කෙරේ සිත ඇදී යයි. සතුරු කරදර වැළකේ. ගෙදරින් පිට වාසයට සිත් යෙදේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. ශරීර සෞඛ්‍යය යහපත්ය.

කන්‍යා

හදිසි අනතුරු පෙන්වයි

ලාභ ප්‍රයෝජන අඩු දිනයකි. නැදෑ හිතවතුන් නිසා සිත් වේදනා ඇති වේ. රහස් සතුරන් ඇති විය හැක. විවාහයේ ගැටලු මතු කරයි. සිත් කලකිරීම් සිදු වේ. එහෙත් දූ දරුවන් නිසා සිතේ සතුට ඇති කරයි. කාර්යක්ෂම ලෙස වැඩකටයුතුවල නිරත වේ. හස්ත කර්මාන්තවල යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල අත් කරයි. හදිසි අනතුරුවලට ලක් විය හැක.

තුලා

වියදම් අධිකයි

දේපළ හිමිවීමක් පෙන්වයි. වියදම් අධික වන දිනයකි. රැකීරක්ෂා කටයුතුවල දී තනතුරු ආදියට කරදර ඇති වේ. ක්‍රියාශීලී බව අඩු වේ. ගෙදරදොර සැප පහසුව වෙනදා මෙන් හිමි නොවේ. කලකෝලාහලවලට පැටලීමේ ඉඩකඩ පවතී. උසස් අධ්‍යාපන කටයුතුවලට උනන්දුව හීන බවක් පෙන්වයි. පිය පාර්ශ්වයට යහපත්ය. වාත රෝගඋෂ්ණ රෝග මතු කළ හැක.

වෘශ්චික

සතුරු කරදර පරදයි

ආදායම් තත්ත්වය යහපත් මට්ටමක පවතී. එහෙත් අනුමානයට කරන කටයුතුවලින් පාඩු සිදුවිය හැක. සතුරු කරදර ඉස්මතු වුව ද තම බලයෙන් ඒවා යටපත් කරගැනීමේ හැකියාව ලැබේ. සිත් පීඩා ඇති කරයි. නඩුහබවලට ද පැටලීමේ ඉඩකඩ පවතී. වැඩිමහල් සහෝදරයන් සමග ඇති සබඳතා දැඩි වේ. පපුවේ අමාරුවඋණ වැනි රෝගවලින් ප්‍රවේසම් වන්න.

ධනු


අනවශ්‍ය ගමන් යෙදේ

රජයට සම්බන්ධ වැඩකටයුතුවල නිරත අයට යහපත් ප්‍රතිඵල හිමි වේ. සිත් වේදනා ගෙන දෙන දිනයකි. විරුද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදී යයි. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. කේලාම් ඕපාදූපවලට හසුවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. කතාවේ බලය අඩු වේ. අධ්‍යාපනයට උදාසීන ගති පෙන්වයි. ඇස් පීඩා මෙන්ම දත් සම්බන්ධ පීඩා ද මතු කළ හැක.

මකර

උසස් තනතුරු ලැබේ

බලාපොරොත්තු ඉෂ්ට වන දිනයකි. උසස් තනතුරු ලාභ උරුමයි. ව්‍යාපාර කටයුතුවල නිරත නම් ලාභ ප්‍රයෝජන අත්පත් කර ගත හැක. අතරමග නවතා දමා තිබූ කටයුතු යළිත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ ශක්තිය හිමි වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර දරුවන්ගේ කටයුතු ද යහපත්ය. ගෙදරදොර ජීවිතයේ යම් යම් ගැටලු මතු විය හැක.

කුම්භ

අධ්‍යාපන ජයග්‍රහණ

සිත් සතුටට කරුණු යෙදුණ ද ඇතැම් අවස්ථාවල මානසික පීඩා ද ගෙන දිය හැක. පදිංචි ස්ථානයේ වෙනස්කම් සිදු වේ. නඩුහබවලට පැටලීමේ ඉඩ පවතී. රැකියාවේ ද ප්‍රශ්න නැතුවා නොවේ. අනවශ්‍ය අය ඇසුරට ලැබිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. ලේ දූෂ්‍යාබාධඋණ වැනි රෝගවලින් ප්‍රවේසම් වන්න.

මීන

බලාපොරොත්තු ඉටු වේ

බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත දිනයකි. රැකියා කටයුතු කරගෙන යාමේ දී උසස් අයගේ ඇසුර වැඩියෙන් ලැබේ. අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමි වේ. ආගම දහම කෙරේ යොමු වේ. පියාට මෙන්ම දරුවන්ට ද සුබදායක වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයට ද සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ අවකාශ හිමි වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.