පලා පල

2021 ජුනි මස 19 වැනි සෙනසුරාදා

2021 ජුනි මස 19 වැනි සෙනසුරාදා

රාහු කාලය දිවා 09.03 සිට 10.38 දක්වා රාත්‍රී 09.19 සිට 10.45 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- නැගෙනහිර

මේෂ

පෙරට වඩා ශුභයි

පෙර තිබුණාට වඩා හොඳ තත්ත්වයක් උදා කරයි. යහපත් දේට සිත යොමු වේ. අන්‍යයන් වෙනුවෙන් වැඩිපුර වියදම් කරයි. ස්ථාන මාරුවලට ඉඩ පවතී. රැකියාවේ හෝ පදිංචියේ වෙනස්කම් සිදු වේ. උසස්වීම්වලට ඉඩ නොලැබේ. ඌෂ්ණාධික රෝග මතු කරයි.

වෘෂභ

සතුරු කරදර ඇතිවේ

වියදම් අධික වේ. උසස් අය සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. තමාගෙන් උපකාර ගත් අයගෙන්ම සතුරු කරදර ඇති වේ. සාමාන්‍යයෙන් කරගෙන යන කටයුතුවලට බාධා මතු වේ. පිට තැන්වල නැවතීමට සිදු වේ. කලකින් නොගිය ගමනක් යයි. ඇස්වල දෝෂ මතු වේ.

මිථුන

අධික වියදම් යෙදේ

අවිවේකීව කාලය ගත කරයි. භාරගෙන කරන වැඩවල ප්‍රමාදතා ඇති වේ. සිතට භයක් ඇත කරයි. අධික වියදම් යෙදේ. යම් යම් දේ නිසා තම විශ්වාසය පළුදු වේ. අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව හීන වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ අප්‍රසාදයට ලක් වේ. රෝගාබාධ ඇත්නම් උත්සන්න කළ හැක.

කටක

පිට තැන්වල වාසය කරයි

ලාභ ලැබන මාර්ග ගැන සිතිවිලි පහල වේ. පදිංචි ස්ථානයේ වෙනස්කම් සිදු කරයි. උසස් අය සමග ආරවුල් ඇතිවිය හැක. අතේ මුදල් රඳවා ගැනීම අපහසුයි. පිට තැන්වල නැවතීමට සිදු වේ. බිරිඳට හෝ සැමියාට ආබාධයන් වැළඳේ. අධ්‍යාපයට බාධා අවහිරතා ගෙනේ. සෞඛ්‍ය තත්ත්වය අයහපත්.

සිංහ

ඥාති මිත්‍රයන් සමග ගැටලු

වියදම් අධික වේ. උසස්වීම් ලබා ගැනීමේ වෑයම් අසාර්ථක වේ. උසස් අය සමග ආරවුල් ඇතිවිය හැක. එදිනෙදා කරගෙන යන කටයුතුවලට බාධා මතු වේ. ඥාති මිත්‍රයන් සමග ගැටලු මතු වේ. පංචා ප්‍රයෝගවලට හසු වේ. අනුන්ගේ කටයුතුවලට තමාගේ මුදල් වියදම් වේ.

කන්‍යා

නිරෝගී බව ඇති වේ

සිතේ සතුට ඇති වේ. ගතට සිතට සුළු හෝ සැප පහසුවක් දැනේ. සැප පහසු උපකරණ පාවිච්චි කරයි. ප්‍රණීත ආහාරපාන කෑමට ලැබේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. සමාජයෙන් ඈත්ව හුදෙකලාව සිටීමට බලයි. බණ භාවනා කටයුතුවල යෙදේ. නිරෝගී බව ඇති වේ.

තුලා

නුවණින් කටයුතු කළ යුතුයි

අධික වියදම් යෙදේ. අවිවේකීව කාලය ගත කරයි. භාරගෙන කරන වැඩවල ප්‍රමාදතා ඇති වේ. සිතට භයක් ඇති කරයි. උසස් අය තමා ගැන අප්‍රසාදය පළ කරයි. පරිස්සමෙන් සහ නුවණින් කටයුතු කළ යුතුයි. පවුලේ අයගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක. එදිනෙදා කටයුතුවලට බාධා මතු වේ.

වෘශ්චික

උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකයි

ලාභ ලැබන මාර්ග ගැන සිතිවිලි පහල වේ. රැකියා කටයුතුවල ප්‍රබෝධමත්ව නියැළේ. තම කටයුතුවලට අන්‍යයන්ගේ උදව් උපකාර හිමි වේ. විවිධ අංශයන්ට යොමු වීමේ ආර්ථික වාසි ලබයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභදායකයි. රෝගාබාධ සුව අතට හැරේ.

ධනු

රැකියා අපේක්ෂිතයන්ට ශුභයි

ධන ලාභ උරුමයි. කරගෙන යන කටයුතුවලින් විශාල ලාභ උපයයි. රැකියා අපේක්ෂිතයන්ගේ පැතුම් මල්පල ගැන්වේ. රට රැකියා අපේක්ෂා කරන්නන්ට ඒ සඳහා පදනම වැටේ. තරග විභාගවලට ඉදිරිපත් වීමෙන් ජයග්‍රහණ ලබා ගනී. සමාජ සේවා කටයුතුවලට යොමු වේ.

මකර

රැකියාවේ වෙනස්කම්

වියදම් අධික වේ. අනුන්ගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර වියදම් කරයි. ස්ථාන මාරුවලට ඉඩ පවතී. රැකියාවේ හෝ පදිංචියේ වෙනස්කම් සිදු වේ. කලකින් නොගිය ගමනක් යයි. උසස් අයගේ පිහිට ලබා ගැනීමට සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව අඩු වේ. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.

කුම්භ

සිත් තැවුල් ඇති වේ

සිතේ තිබුණු ප්‍රීතිය අඩු කරයි. නින්දා අපවාද එල්ල වේ. සිත් තැවුලෙන් කාලය ගත කරයි. අනපේක්ෂිත කරදර ඉස්මතු වේ. ඥාති මිත්‍රාදීන් සමග කටයුතු කිරීමේ දී වංචාවලට හසුවිය හැක. අසල්වැසියන් සමග අමනාපකම් සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ.

මීන

ව්‍යාපාර දියුණුව

ශුභදායක ප්‍රතිඵල ලබයි. මුදල් ලැබීම අතින් යහපත්. හදිසි ධන ලාභ පෙන්වයි. ව්‍යාපාර කටයුතුවල නිරත අයට ඉන් ලාභ ප්‍රයෝජන අත්පත් වේ. විදෙස් අධ්‍යාපනයන් බලාපොරොත්තු වන්නන්ට ඒ සඳහා කයුතු ආරම්භයට ශුභයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ.