පලා පල

2021 අගෝස්තු 14 වැනි සෙනසුරාදා

2021 අගෝස්තු 14 වැනි සෙනසුරාදා

රාහු කාලය දිවා 09.10 සිට 10.43 දක්වා රාත්‍රී 09.20 සිට 10.48 දක්වා

ශුභ දිසාව- බස්නාහිර, මරු සිටින දිසාව- නැගෙනහිර

මේෂ

තරග විභාගවලින් ජය

දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් අංශවලට යොමු වීමෙන් ලාභ ලබා ගනී. හදිසි ධන ලාභ උරුමයි. ලොතරැයි දිනුම්වලට ඉඩ පවතී. ගොවිතැන් කටයුතුවලින් වාසි ලැබේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලබා ගනී. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. විවාහාපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වේ.

වෘෂභ

භූමි ලාභ

සුළු සුළු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම් උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්‍යයි. පොළොව සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. බලාපොරොත්තුවෙන් සිටි දෙයක් උරුම වේ. සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

මිථුන

ශරීරයේ අප්‍රාණික ගති ඇති වේ

වියදම් පක්ෂ වැඩි වේ. තම වස්තුවට සොර සතුරු බාධා පැමිණේ. ගෞරවයට හානි සිදු වේ. කරගෙන යන කටයුතුවලට බාධාකාරියි. බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට නොවේ. අනුන්ගේ වැඩ තමාටම කිරීමට සිදු වේ. මතක ශක්තිය දුර්වල‌ වේ. ශරීරයේ අප්‍රාණික ගති ඇති කරයි.

කටක

ජලයෙන් ප්‍රවේසම් වන්න

සිතේ කරදරකාරී හැඟීම් ඇති වේ. නොයෙක් දේ ගැන සැක සංකා පහල වේ. ඉක්මන් කෝපය ඇති වේ. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. උදරාබාධවලට ඉඩ පවතී. විශේෂයෙන් ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.

සිංහ

අමුත්තකු මුණගැසේ

දියුණුවට උත්සාහ ගන්නා මුත් එතරම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. සතුරු කරදර බහුලයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ලැබේ. අමුත්තකු මුණගැසීමට අවස්ථාව උදා වේ. රැකීරක්ෂා කටයුතුවල දී කාර්යක්ෂමතාව ඇති වේ. ඥාති මිත්‍රාදීන් සමග විරසකතා ඇති වේ. ශරීර සෞඛ්‍යය යහපත්.

කන්‍යා

සිතේ බය සංකා ඇතිවේ

කරදරකාරී වටපිටාවක් ඇති වේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බය සංකා ඇති වේ. නිෂ්ඵල ගමන් යෙදීමෙන් අධික වියදම් ඇති කරයි. රැකියා කටයුතුවලට උදාසීනතා ඇති වේ. හදිසියේ මුදල් වියදම් වීමක් පෙන්වයි. දණහිසෙන් පහල රෝගාබාධ ඇති කරයි.

තුලා

විවිධ මාර්ගවලින් ආදායම්

මිල මුදල් ලාභ ලැබේ. විවිධ මාර්ගවලින් ආදායම් උපයයි. නව මිතුරු සබඳතා ඇති වේ. ගරු සැලකිලි ලබයි. විනෝදාත්මක කටයුතුවල යෙදේ. වචන පාවිච්චියෙන් ජයග්‍රහණ ලබා ගනී. විභාග සාමාර්ථ ලබයි. ප්‍රේම සබඳතාවලට ශුභයි. සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න.

වෘශ්චික

ව්‍යාපාරවලින් පාඩු

බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වේ. අධික ලෙස මුදල් වියදම් වේ. විවාහ යෝජනාවලට වැඩිහිටි විරෝධතා මතු වේ. නීති ප්‍රශ්නවලින් අවාසිදායක තීරණ ලැබේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. වෙළෙඳ ව්‍යාපාර පාඩුවට යයි. රක්තවාතාබාධ උත්සන්න කරයි.

ධනු

රැකියා අවස්ථා උදාවේ

කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. ඥාති මිත්‍රාදීන් අතර සැලකිල්ලට පාත්‍ර වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. අන්සතු වස්තු හිමි වේ. රැකියා බලාපොරොත්තු වන්නන්ට ශුභදායකයි. මතක ශක්තිය වර්ධනය වේ. නව විෂයයන් ඉගෙනීමට ලැබේ.

මකර

රැකියා උසස්වීම්

ආදායම් මාර්ග ඉහල නගී. කෑමබීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. හුදෙකලාව කාලය ගත කිරීමට උත්සාහ දරයි. රැකියා කටයුතුවලින් උසස්වීම් ලබයි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට ශුභයි. ඌෂ්ණාධික රෝගාබාධ මතු වේ.

කුම්භ

උසස් අය ඇසුර ප‍්‍රවේසමෙන්

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. රැකියා කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් ඇති කරයි. උසස් පුද්ගලයන් සමග කටයුතු කිරීමේ දී ප්‍රවේසම් වන්න. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. අසරණයන්ට පිහිට වීමට ඉදිරිපත් වේ. නඩුහබ සම්බන්ධ කටයුතුවලින් පාඩු ඇති කරයි. හෘද පීඩා උත්සන්න වේ.

මීන

අධ්‍යාපන කටයුතුවලට බාධා

අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. සිත් තැවුල් ඇති කරයි. රැකියා ස්ථානයේ කාර්යබහුලත්වයක් පෙන්වයි. අනවශ්‍ය සබඳතා පැවැත්වීමෙන් කීර්ති නාමය පළුදු විය හැක. විශේෂයෙන් ඥාතීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. හදිසි අනතුරු පෙන්වයි.