පලා පල

2021 අගෝස්තු මස 09 වැනි සඳුදා

2021 අගෝස්තු මස 09 වැනි සඳුදා

රාහු කාලය දිවා 07.37 සිට 09.11 දක්වා රාත්‍රී 07.54 සිට 09.22 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- වයඹ

මේෂ

දරුවන්ගෙන් සිත් තැවුල්

එතරම් යහපත් දිනයක් නොවේ. අධික වියදම් ඇති කරයි. අන් අයගේ කටයුතු නිසා නිතර බයෙන් ජීවත් වීමට සිදුවේ. දරුවන් නිසා සිත් තැවුල් ඇති වේ. බාල සහෝදර සහෝදරින්ගෙන් වාසියක් සිදුවිය හැක. අධ්‍යාපනයට උනන්දුව ඇති කරයි. විවාහය තුළ එතරම් ගැටලු ඇති නොවේ. තුනටිය අමාරු හා ආහාර ජීර්ණය කිරීමේ අපහසුතා මතු විය හැක.

වෘෂභ

සාමකාමී වේ

වියදම් අධිකයි. තම ගෞරවයට ගැටලු මතු විය හැක. වෙනත් පුද්ගලයන් කළ යුතු වැඩ තමාට කිරීමට සිදු වේ. දරුවන් නිසා කාලයත් ශ්‍රමයත් වැය වේ. අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට භාජනය විය හැකි දිනයකි. අලුත් බඩු භාණ්ඩ මිල දී ගැනීමට අවකාශ ලැබේ. විවාහය තුළ සාමකාමී බවක් ඇති කරයි. ආගමට දහමට නැඹුරු වේ. දැනට පවතින අසනීප තත්ත්වයන්ගෙන් සහනයක් උදා විය හැක.

මිථුන

වියදම් අධිකයි

ගෞරවයට හානි සිදුවිය හැක. තමා විසින්ම කරගන්නා කටයුත්තකින් පාඩුවක් සිදු වීමට ඉඩකඩ තිබේ. කල්පනාකාරී විය යුතු දිනයකි. වියදම් අධික වේ. රැවටීම්, මුළාවීම්වලට හසු විය හැකිය. කරගෙන යන කටයුතුවල ප්‍රමාදතා මතු කරයි. වැටීම්, තැළීම්වලට ඉඩකඩ ඇත. භාරගෙන කරන වැඩකටයුතු සඳහා බාධා අවහිරතා පැන නගී. ශරීරාබාධවලට ඉඩකඩ තිබේ.

කටක

හස්ත කර්මාන්තවලින් වාසි

වාසනාවන්ත දිනයකි. ඥාතීන් මිතුරන් සමග ප්‍රීතියෙන් කාලය ගත කරයි. සිතට කයට සැනසිලිදායක ගතියක් ඇති කරයි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව අදා වන අතර සුළු හස්ත කර්මාන්ත කටයුතුවලට යෙදීමට ශුභයි. ගෘහභාණ්ඩ අලුතින් මිලදී ගැනීමට හැක. ශරීර සෞඛ්‍යය අයහපත් නොවේ.

සිංහ

කරදර සහිතයි

අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිව කාලය ගත වේ. ආගමික භක්තිය ශ්‍රද්ධාව සිත තුළ ඇති කරයි. එහෙත් මුදල් අතින් හිඟ වේ. කුඩා දරුවන් නිසා කරදර සහ ඔවුන් නිසා සිත් තැවුල් ඇති කරයි. කරදර සහිත දවසකි. ස්ථිර අදහසක් නොමැතිව තැන් තැන්වල ඇවිදීමට සිදු වේ. කරන කටයුතුවලට බාධා සහ ප්‍රමාදතා ඇති කරයි. ශරීර උෂ්ණත්වය, රුධිර ධාවන අපහසුතා හා හෘදයාබාධවලින් ප්‍රවේසම් වන්න.

කන්‍යා

වංචාවලට හසු වේ

බලාපොරොත්තු ඉෂ්ඨ වේ. සැනසිලිදායක දිනයකි. රැකීරක්ෂා කටයුතු උත්සාහවන්තව සිදු කරයි. මවගෙන් හා මව් පාර්ශ්වයෙන් උපකාර ලැබේ. එසේම වංචා ප්‍රයෝගවලට හසුවීමට ද ඉඩකඩ තිබේ. ස්වාමියාට හෝ බිරිඳට දුක් කරදර ඇති කරයි. පවුලේ අය අතර ආරවුල් පැන නගී. ඇස්වල පීඩාවක්, කැක්කුමක් හෝ තුවාලයක් සෑදීමට ඉඩකඩ තිබේ. මුහුණ ආශ්‍රිතව සමේ රෝග ඇති කළ හැක.

තුලා

ප්‍රසිද්ධ ස්ථානවලට යයි

සුළු වශයෙන් හෝ නිතරම ලාභ ප්‍රයෝජන ඇති කරන දිනයකි. බලාපොරොත්තු ඉෂ්ට වේ. කරන කියන සියලු කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. විනෝද චාරිකාවලට සහභාගි වීමට අවස්ථාව උදා වේ. අලුතින් ආරම්භ කරන කටයුතු සාර්ථක වේ. ප්‍රසිද්ධ ස්ථානවලට යාමට හැකි වේ. උසස් අය සමග ආශ්‍රයට අවස්ථාව ලැබෙන අතර ගමන්බිමන් බහුල වේ. බෝවන රෝග, ලේ දූෂ්‍යාබාධ, හෘදගත පීඩා ද ඇති කළ හැක.

වෘශ්චික

වාද විවාදවලට පැටලේ

යම් යම් දේවල් සම්බන්ධයෙන් හිතේ දුක ඇති වන දිනයකි. ආදර සම්බන්ධයක් නිසා හෝ විවාහය නිසා බලාපොරොත්තු කඩවීමක් ඇති වේ. නිතර සිත් තැවුලෙන් සිටී. නින්දා අපහාස චෝදනාවලට ලක් විය හැක. මුදල් හානි ද අලාභ ද ඇති කරයි. සහෝදර සහෝදරියන්ට අසනීප ඇති විය හැක. වැඩිහිටි අය සමග නිතර වාද විවාදවලට පැටලේ. සමේ රෝග හෙවත් චර්ම රෝග ඇතිවීමේ ඉඩකඩ තිබේ.

ධනු

ප්‍රවේසම් වන්න

කේන්තිය පාලනය කළ යුතු දවසකි. සහකරුට හෝ සහකාරියට අසනීප ගති මතු කරයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති විය හැක. නිතර කනස්සල්ලෙන් කාලය ගත කරයි. පියාට හෝ පවුලේ වැඩිහිටියකුට කරදර ඇති විය හැක. නීති විරෝධී වැඩවලට සිත් යොමු වීමට අවකාශ තිබේ. ප්‍රවේසම් විය යුතුයි. අධික රුධිර පීඩනය, උණ, ලේ දූෂ්‍යවීම් ඇති විය හැක.

මකර

වෙළෙඳාම් දියුණු වේ

මිල මුදල් ලාභයක් උරුමයි. සැපෙන් සතුටින් කාලය ගත වේ. මිත්‍ර ආශ්‍රයක් ද ඔවුන්ගෙන් විශේෂ ආධාර ද ලැබේ. විවාහයෙන් කිසියම් ලැබීමක් පෙන්නුම් කරයි. නිවාස පිළිසකර කිරීමක් හෝ අලුත්වැඩියාවක් සිදු වේ. සමාජයේ ගෞරවය, කීර්තිය ලැබේ. වෙළෙඳ ව්‍යාපාර දියුණු වේ. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. රාගාධික සිතුවිලි පහළ කරන දිනයකි. සෞඛ්‍යයට එතරම් අයහපත් නොවේ.

කුම්භ

දරුවන්ට අපලයි

සමාජයෙන් ඈත්ව නිදහසේ කාලය ගත කිරීමට උත්සාහ කරන දිනයකි. නියමිත වේලවට අහාරපාන ගැනීම මගහැරේ. දරු දැරියන්ට අපලදායක දිනයකි. ඔවුන්ගේ හිතුවක්කාර ගති නිසා සිතට කරදරකාරී බවක් ඇති කරයි. ඥාති මිත්‍රාදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. තරග විභාගවලින් හිතන තරම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. ශරීරයේ උෂ්ණ ගති මතු කරයි.

මීන

සෞඛ්‍යයට අහිතකරයි

ධෛර්යයෙන් වැඩ කටයුතු සිදු කරන දිනයකි. කේළාම්වලට අසුවීමේ ඉඩකඩ පවතී. ගෙදරදොර ගැටලු ඇති විය හැක. සහකරු හෝ සහකාරිය සමග මත ගැටුම් හට ගනී. මුදල් අපහසුතා මතු කරයි. දරුවන්ට අසනීප ගති ඇති කළ හැක. ප්‍රයෝජනයක් නැති අපහසු ගමන්බිමන් ද යාමට සිදු වේ. ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. උදරාබාධ, උණ වැනි රෝග ඇති කළ හැක.