පලා පල

2021 අගෝස්තු මස 07 වැනි සෙනසුරාදා

2021 අගෝස්තු මස 07 වැනි සෙනසුරාදා

රාහු කාලය දිවා 09.10 සිට 10.44 දක්වා රාත්‍රී 09.22 සිට 10.49 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- නැගෙනහිර

මේෂ

හදිසි අනතුරු

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. සිත් තැවුල් ඇති කරයි. අනවශ්‍ය අය ඇසුරු කිරීමෙන් තම කීර්ති නාමය පළුදු විය හැක. විශේෂයෙන් ඥාතීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවලට කරදරකාරී බවක් ඇති වේ. කරගෙන යන කටයුතුවලින් පාඩු සිදු වේ. හදිසි අනතුරු පෙන්වයි.

වෘෂභ

අමුත්තකු මුණගැසේ

මුදල් ලැබීම අතින් එතරම් යහපත් නොවේ. ආයෝජනයන්ට ශුභ නැත. සතුරු කරදර බහුලයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ලැබේ. අමුත්තකු මුණගැසීමට අවස්ථාව උදා වේ. රැකීරක්ෂා කටයුතුවල දී කාර්යක්ෂමතාව ඇති වේ. ගොවිතැන් කටයුතුවලින් යම් කිසි සාර්ථකත්වයක් ලබයි. ශරීර සෞඛ්‍යය යහපත්.

මිථුන

නිෂ්ඵල ගමන්

කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. කරදරකාරී වටපිටාවක් ඇති වේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බය සංකා ඇති වේ. නිෂ්ඵල ගමන් හේතුවෙන් අධික වියදම් ඇති කරයි. රැකියා කටයුතුවලට උදාසීනතා ඇති වේ. හදිසියේ මුදල් වියදම් වීමක් පෙන්වයි. දණහිසෙන් පහල රෝගාබාධ ඇති කරයි.

කටක

ලොතරැයි දිනුම්

දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් ආකාරයේ ලාභ ලැබේ. හදිසි ධන ලාභ උරුමයි. ලොතරැයි දිනුම්වලට ඉඩ පවතී. ගොවිතැන් කටයුතුවලින් වාසි ලැබේ. පරම්පරාගත දේපළ උරුමයන් හිමි වේ. විවාහාපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වේ. විදෙස් අධ්‍යාපන සිහින සැබෑ වීමට පදනම වැටේ.

සිංහ

නීති ප්‍රශ්නවලින් පාඩු

බලාපොරොත්තු ඉටු නොවේ. අධික ලෙස මුදල් වියදම් වේ. විවාහ යෝජනාවලට විරෝධතා මතු වේ. නීති ප්‍රශ්නවලින් පරාජයට පත් වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. වෙළෙඳ ව්‍යාපාර පාඩුවට යයි. ඥාති මිත්‍රාදීන් සමග මත ගැටුම් හටගනී. රක්තවාතාබාධ උත්සන්න කරයි.

කන්‍යා

ප්‍රේමයට ශුභයි

මිල මුදල් ලාභ හිමි වේ. නොයෙක් අංශවලට යොමු වීමෙන් ආදායම් මාර්ග වර්ධනය වේ. නව මිතුරු සබඳතාවලට මුල පිරේ. ගරු සැලකිලි හිමි වේ. විනෝදාත්මක කටයුතු කෙරේ සිත ඇදී යයි. වාද විවාදවලට පැටලීමෙන් ජය ලබයි. තරග විභාගවලින් ජයග්‍රහණ උරුමයි. ප්‍රේම සබඳතාවලට ශුභයි.

තුලා

ගරු සැලකිලි ලැබේ

බලාපොරොත්තු ඉටු වේ. ඥාති මිත්‍රාදීන් අතර සැලකිල්ලට පාත්‍ර වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. අන්සතු වස්තු හිමි වේ. රැකියා බලාපොරොත්තු වන්නන්ට ශුභදායකයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. සෞඛ්‍යය යහපත්.

වෘශ්චික

කෝපය මතුවේ

අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. සිතේ කරදරකාරී හැඟීම් ඇති වේ. නොයෙක් දේ ගැන සැක සංකා පහල වේ. හදිසි කෝපය ඉස්මතු කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති වේ. උදරාබාධවලට ඉඩ පවතී. විශේෂයෙන් ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.

ධනු

වැඩකටයුතු කල් දමයි

වියදම් පක්ෂ වැඩි වේ. තම වස්තුවට සොර සතුරු බාධා පැමිණේ. තම ගෞරවයට හානි සිදු වේ. කරගෙන යන කටයුතු කල් දැමීමට සිදු වේ. බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට නොවේ. අනුන්ගේ වැඩ තමාටම කිරීමට සිදු වේ. අලුත් විෂයයන් ඉගෙනීමට ලැබේ. ශරීරයේ අප්‍රාණික ගති ඇති කරයි.

මකර

හුදෙකලාව සිටී

සිතේ සතුට ඇති වේ. ආදායම් මාර්ගවල ප්‍රගතියක් දක්නට ලැබේ. කෑමබීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අන්‍යයන්නේ ඈත්ව කාලය ගත කිරීමට උත්සාහ දරයි. අන්‍යයන්ගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාවම ලැබේ.

කුම්භ

භූමියෙන් ලාභ

සුළු සුළු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම් උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්‍යයි. පොළොව සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබීමෙන් සිතේ සතුට ඇති වේ. සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

මීන

ආගම දහමට යොමු වේ

රැකියා කටයුතුවල නියැළීමේ දී කල්පනාකාරී විය යුතුයි. වචන පාවිච්චියෙන් ගැටලු මතුවිය හැක. උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. ආගම දහම කෙරේ භක්තියක් ඇති වේ. නඩුහබ සම්බන්ධ කටයුතුවලින් පාඩු ඇති කරයි. හෘද පීඩා උත්සන්න වේ.