පලා පල

2021 අගෝස්තු මස 04 වැනි බදාදා

2021 අගෝස්තු මස 04 වැනි බදාදා

රාහු කාලය දිවා 12.16 සිට 01.50 දක්වා රාත්‍රී 12.16 සිට 01.43 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- නිරිත

මේෂ

සිතේ සැක ඇති වේ

අනවශ්‍ය කටයුතු හේතුවෙන් වියදම් පක්ෂය ඉහල යයි. අවුල් වියවුල් සහිතයි. කරගෙන යන කටයුතු කල් දැමීමට සිදු වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ දෝෂරෝපණ එල්ල විය හැක. යම්කිසි දෙයක් ගැන සිතට සැකයක් ඇති වේ. විභාග කටයුතුවලින ජග්‍රහණය ලැබීම අසීරුයි. දණහිසෙන් පහල ආබාධ ඇති කරයි.

වෘෂභ

නව විෂයයන් ඉගෙනීමට ඉඩ

විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලබා ගනී. අසරණයන්ට පිහිට වීමට කටයුතු කරයි. වෙනදාට වඩා සැප පහසුව කල් ගත කිරීමේ හැකියාව ලැබේ. ප්‍රණීත ආහාරපන පරිභෝජනයට ලැබේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අලුත් විෂයයන් ඉගෙනීමේ අවස්ථා උදා වේ. ශරීරයේ සිසිල් බවක් ඇති කරයි.

මිථුන

ඥාතීන්ගෙන් වංචා

වියදම් පක්ෂය ඉහල යයි. අන්‍යයන්ගේ සහයෝගය තමා බලාපොරොත්තු වන තරමට නොලැබේ. තීරණ ගැනීමමේ දී කල්නාකාරී විය යුතුයි. විශේෂයෙන් ඥාතීන් සමග කටයුතු කිරීමේ දී මුළාවීම් සිදුවිය හැක. කරගෙන යන වැඩකටයුතු කල් දැමීමට සිදු වේ. කලකෝලාහලවලට පැටලිය හැක.

කටක

ගෞරව සැලකිලි ලැබේ

ආදායම් මාර්ගවල වර්ධනයක් ඇති වේ. ණයට දුන් මුදලක් නැවත ලැබේ. මිතුරන් සමග විනෝද වීමේ අවස්ථා උදා වේ. ගොවිතැන් කටයුතුවල නිරත අයට වාසිදායකයි. සමාජයේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වේ. සතුරන් මිතුරන් බවට පත් වේ. ගුරුවරුන්ගේ පැසසුමට ලක්විය හැක. සෞඛ්‍යය යහපත්ය.

සිංහ

අධ්‍යාපන ජය ග්‍රහණ

ආදායම් මාර්ග සරු වේ. මිතුරන් හා ආශ්‍රය වැඩි වේ. වෙනදාට වඩා සැප පහසුවක් ලැබේ. ව්‍යාපාර කටයුතුවල නිරත අයට දියුණුවක් හිමි වේ. රැකීරක්ෂා කටයුතුවල උසස්වීම් පෙන්වයි. අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගැනීමේ අවකාශ පවතී. ගෙදරදොර සාමකාමී බවක් ඇති වේ. විනෝද කටයුතුවලට යොමු වේ.

කන්‍යා

බාධා පැමිණේ

මුදල් පාවිච්චියේ දී කල්පනාකාරී වන්න. ඥාති මිත්‍රාදීන් සමග ආරවුල් ඇති වේ. සිතේ භය සංකා ඇති කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. කරගෙන යන කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමට බාධා පැමිණේ. ගෙදරදොර වටපිටාව අපිරිසිදු තත්ත්වයට පත් වේ. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් ලැබීමේ ඉඩ පවතී.

තුලා

විවාහ යෝජනා කල්යයි

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයගේ ලාභ අඩු වේ. අධ්‍යාපන කටයුතුවලට අවහිරතා ඇති වේ. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි. රක්තවාත රෝග උත්සන්න විය හැක.

වෘශ්චික

විදෙස් අධ්‍යාපන ජය

බලාපොරොත්තු ඉෂ්ට වේ. ඥාති මිත්‍රාදීන්ගේ වැඩි සැලකිල්ලක් ලබයි. විවාහාපේක්ෂකයන්ට ගැළපෙන අයගෙන් යෝජනා ඉදිරිපත් වේ. අන්සතු වස්තුව පවා ලැබීමේ ඉඩකඩ පවතී. රැකීරක්ෂා කටයුතුවලට ඉල්ලුම් කිරීමට ශුභයි. විදෙස්ගත අධ්‍යාපන කටයුතුවලින් ද ජයග්‍රහණ ලබා ගනී. උසස් අය සමග ආශ්‍රය ඇති වේ.

ධනු

රැකියාවේදී ප්‍රවේසමෙන්

ආදායම් මාර්ගවල යම්කිසි වර්ධනයක් පෙන්වයි. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉෂ්ට වේ. කය වෙහෙසා වැඩ කිරීමට සිදු වේ. රැකීරක්ෂා කටයුතුවල නිරත වීමේ දී කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අවශ්‍යයි. ප්‍රණීත ආහරපාන භුක්ති විඳීමේ හැකියාව ලැබේ.

මකර

සතුරු කරදර

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. ණයතුරුස් වීමට පවා ඉඩ තිබේ. සිත් තැවුල්වලට හේතු යෙදේ. නඩුහබවලට පැටලීමෙන් කරදර සිදු වේ. මිතුරන් සතුරන් බවට පත් විය හැක. ගෙදරදොර අඩුපාඩු හේතුවෙන් පවුල් ජීවිතයේ ද මත ගැටුම් ඇති වේ. පවුලෙන් පිට අය සමග ආශ්‍රය වැඩි වේ.

කුම්භ

බලාපොරොත්තු කඩ වේ

මුදල් කටයුතු ප්‍රවේසමෙන්. වටිනා බඩු භාණ්ඩ අස්ථානගත විය හැක. රැකියා ස්ථානයේ මත ගැටුම්වලට ඉඩ පවතී. බලාපොරොත්තු කඩ වීමෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණිය හැකි බැවින් උත්සාහවන්තව ක්‍රියා කළ යුතුයි. කතාබහ පාලනය කර ගැනීම වටී.

මීන

ස්ත්‍රීන්ගෙන් වාසි

වියදමට සරිලන ආදායම් උපයයි. උසස් නිලධාරීන්ගේ අවධානයට ලක් වේ. තනතුරුවලින් පහත වැටීමේ අවදානමක් පවතී. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ප්‍රයෝජන අත්පත් වේ. ධෛර්යයෙන් වැඩකටයුතුවල නිරත වේ. අධ්‍යාපන කටයුතුවලට මහන්සි වීමට සිදු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.