පාඨලීගේ රියදුරු රහස් ප්‍රකාශයක් ලබාදෙන්න අවසර ඉල්ලයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පොලිස් විමර්ශනයට අදාල පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර දෙන ලෙස අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී[…]

Read More »

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12දෙනා යළි රිමාන්ඩ්

කොළඹ විශ්වවිද්‍යාලය තුළ නවක වදය මුල්කරගෙන ඇතිවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා හෙට (14) දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. ඉකුත්දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සැකකාර සිසුන් 12 දෙනා[…]

Read More »

රාජිතට එළඹෙන 17 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වවරිය විසින් දුන් නියෝගයක් ප්‍රතිශෝධනය කර එය බලරහිත කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර ඇති පෙත්සම ලබන 17[…]

Read More »

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජයට ලක් කළ පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම්

වයස අවුරුදු 16 කට අඩු පිරිමි දරුවෙකුට විවිධ තෑගි බෝග ලබාදෙමින් වසරකට ආසන්න කාලයක් වරින්වර බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද (13) බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම් නියම කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා විසින් කිරුළපන[…]

Read More »

හෙරොයින් ජාවාරම් කළ දෙදරු පියාට මරණීය දණ්ඩනය

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 13.23 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තිස් පස් හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (13) මරණීය දණ්ඩනය නියම කරන ලදී. මෙසේ දඬුවම් නියම වුයේ කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මුනියන්ඩි උපුල් චමින්ද නමැත්තෙකුටය. 2016 වසරේ අගෝස්තු මස 22 වනදා[…]

Read More »

මාර්තු 01 වැනිදාට පෙර රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා 50,000ක්

මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා රැකියා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. කිසිදු භේදයකින් තොරව රැකියා බෙදාහැරීම සිදුකරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

Read More »

ඩෙංගු උණ වැළදීමෙන් පොලිස් නිළධාරියෙකු ජිවිතක්ෂයට

ඩෙංගු උණ වැළදීම හේතුවෙන් පොලිස් නිළධාරියෙකු ඊයේ(12) ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහල් ආරංචි මාර් ග පැවසූවේ මන්නාරම මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ බි.එස්.පියරත්න නමැති 45 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මැදවච්චිය ප්‍ර දේශයේ පදිංචි තිදරු පියෙකු එලෙස ජිවිතක්ෂයට[…]

Read More »

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කෙරේ

නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස බෝදරගම මහතා පත්කර ඇත. නව කොමසාරිස්වරයා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේය.

Read More »

චම්පිකට එජාපයේ ඉහල තනතුරක් දෙනවා – සජිත්

ජාතික හෙලඋරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්ද ලබාදීමට කටයුතු කරන අතර චම්පික යනු අනාගත ලෝකයට ගැළපෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. ඒ අවිස්සාවේල්ලේදී පැවති[…]

Read More »

ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වැනිදා

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ. පළමු තරගය ජනවාරි මස 19 වැනිදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 27 වැනිදා පැවැත්වීමට නියමිතයි. එම තරග හරාරේ හි දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය. මෙම තරග සංචාරයට සහභාගිවීම[…]

Read More »

එළියට එන හඬපට දැක්කාම අධිකරණය ගැන අවිශ්වාසයක් ඇති වෙනවා

මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන හානිදායක කරුණු ඉවත් කර ගත යුතු බව අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (12) පස්වරුවේ ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඹගස්දෝව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් පළ අමාත්‍යවරයා[…]

Read More »
1 2 3