රන්ජන්ගේ දුරකථන සංවාද ලීක් වුන හැටි – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ ඇතුළත් සංයුක්ත තැටි සමාජගත වූ ආකාරය පිළිබදව ජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද හෙළිදරව් කරනු ලැබීය. අමාත්‍යවරයා මෙම හෙළිදරව්ව සිදුකරනු ලැබුවේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…. මාදිවෙල නිවසේ ඉදලා පුද්ගලයෙක් අතදානවා ත්‍රිරෝද[…]

Read More »

රාජිතට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන අයදුම්පතක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප නියෝගයට එරෙහිව සංශෝධන අයදුම්පතක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත අද දිනයේදී කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ බවයි.

Read More »

පා.ම. රන්ජන්ගෙන් අධිකරණයට මෝසමක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය භාරයට ගත් සීඩි තැටිවල තිබූ දුරකථන සංවාද ඇතුළත් හඩපට මාධ්‍යයට නිකුත්වීම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. අද පස්වරුවේ සිය නීතිඥවරිය මාර්ගයෙන් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළේය.

Read More »

ජාතික ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරියක් පත් කෙරේ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සහ නියෝජ්‍ය සභාපති ලෙස නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් සිය පත්වීම් ලිපි අද (08) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී ලබාගන්නා ලදි. මහාචාර්ය මුදිත විදානපතිරණ[…]

Read More »

කිලිනොච්චියේ දරුවෙකු සූර්ය කෝෂ බලයෙන් ක්‍රියාත්මක වන ට්‍රයිසිකලයක් නිපදවයි

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන ට්‍රයිසිකලයක් නිපදවා තිබිණ. කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රනවන් දරුවා විසින් නිපදවූ මෙම පාපැදියේ මේ වන විට පාසල් ගමන් මෙන්ම එදිනෙදා කටයුතුද සිදු කරයි. තම සීයාගේද සහය ඇතිව විවිධ ස්ථානයන්වලින් ඉවතලන උපකරන ආදිය[…]

Read More »

විදුලි සෝපාන නැති රෝහලකට විදුලි සෝපාන ක්‍රියාකරවන්නන් දෙදෙනකු

විදුලි සෝපාන නැති දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ විදුලි සෝපාන ක්‍රියාකරවන්නන් දෙදෙනකු සිටින බව දුටුවිට තමා මවිත වූ බව නැඟෙනහිර පළාත් ආණ්ඩුකර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. ඊයේ (07) පෙරවරුවේ දෙහිඅත්තකණ්ඩිය රෝහලේ විශේෂ සංචාරයක නිරත වෙමින් ආණ්ඩුකාරවරිය එසේ පැවසුවාය. එම රෝහලේ වකුගඩු ඒකකය වෙත ගිය ඇය එහි අඩුපාඩු සොයා බැලුවාය. අනතුරුව එම රෝහලේ[…]

Read More »

ගාල්ලේ මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ හතරක් අත්අඩංගුවට

ගාල්ල තලාපිටිය ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය කොට තිබුණේ ගාල්ල, තලාපිටිය, සකියුලර් ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් ලෙබ්බේ මරික්කාර් නොහාක් ගපිර් හාජ්ජයාර් (69) නැමති ව්‍යාපාරිකයෙකි. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා තනිපොල්ගහ, මෙහිදින්වත්ත හා නුගදුව මාර්ග සංඥා පද්ධතිය අසලදි අත්අඩංගුවට[…]

Read More »

‌හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.25 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (08) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය. කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි රේන්දගේ ලක්ෂ්මන් ප්‍රනාන්දු නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම විය. 2010 වසරේ ජුනි මස 22 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ[…]

Read More »

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමට රතන හිමිගෙන් පාර්ලිමේන්තුවට කෙටුම්පතක්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සදහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරළියේ රත්න හිමි විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Read More »

කොළඹ සහ ලන්ඩනය අතර ගුවන් මාර්ගය වහාම වෙනස් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ලන්ඩනය අතර ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ. පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇත.

Read More »

චීනයේ නිව්මෝනියාව ගැන කොළඹට අනතුරු අඟවයි

චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික විය හැකි නිව්මෝනියා රෝගී තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු හඟවා ඇත. ආසියානු කලාපයේ වැඩිම චීන ජාතිකයන් පිරිසක් පැමිණෙන සංචාරක සහ ව්‍යවසාය මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කොළඹ නගරය පදනම් කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු හැඟවීම සිදුකර ඇත. මීට පෙර[…]

Read More »